IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි

(මනෝප්‍රිය ගුණසේකර)

වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා පත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් ලක්ෂ 05 බැඟින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අද (04) නියෝග කළේය.

2012 සහ 2015 අතර වසර 03ක කාලසීමාවක් තුළදී අදාළ දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතීපතිවරයා පවරා ඇති අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ට මෙලෙස ඇප නියම කෙරිණී.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ පර්චස් 34.5 ඉඩමක් සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ මිලදී ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතූවෙන් මුදල් විශූද්ධීකරණය කිරීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

අදාළ දේපළ මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමෙන් විත්තිකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නඟා ඇත. 

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීමෙන් අනතුරුව ඔවුන්ට ඇප නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ස`ඳහා නඩුව මැයි 30 වැනිදා කැඳවීමට නියම කළේය.



අදහස් (6)

යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි

Pradeep Kumara Friday, 04 April 2025 09:41 PM

බොහෝමයක් අය අඩුම තරමින් වයසට යනකොට හෝ තම තමන් අදහන ආගමකට අනුව පින්දහම් කරමින් යන තැනකට සෙත සලසා ගන්න උත්සාහ කරනවා. ඒත් මේ පවුලට සම්බන්ධ සෑම කෙනෙක්ම පාහේ කරන්නේම හොරකම්... හොරකම් කරපු ධනය, වස්තුව එලොවට ගෙනියන්න වෙන්න ඇති...!

:       21       52

PerakumSaturday, 05 April 2025 01:34 AM

හා ප්‍රදීප් එහෙම කියන්න එපා. මේ පවුලට සම්බන්ධ නැති අයත් ඕකම කරනවා ඒත් අල්ලන්නේ නෑ...

:       1       1

Siri Friday, 04 April 2025 11:19 PM

"කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ..." ලෝවැඩ සඟරාවේ තිබ්බේ. අදටත් ඔට්ටුයි හරිය.

:       0       0

පිටරටවැසියා Saturday, 05 April 2025 12:30 AM

මේ පවුලටයි, අනිත් ඔක්කෝලටමයි හොරකම ඉතාමත් පහසුවෙලා තියෙන්නේ, ඒ ගොල්ලෝ මොන හොරකම කරත්, ඒවාට ආවඩන කට්ටියක් අපි අතරේම ඉන්නා නිසා...!

:       0       4

Perera Saturday, 05 April 2025 04:27 AM

අනේ මේ දෙන්නා දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ දේපළවලට ඇයි මෙහෙම කුහකකම් කරන්නේ? කැතයි හොඳේ..

:       0       3

Kazi Shajahan Saturday, 05 April 2025 10:01 AM

ගරු ස්වාමීනී, පුළුවන් තරම් ඉක්මණට පොඩි මහජනයාට යුක්තිය ඉටු කරන්න. වැඩිකල් ගන්න එපා...

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site