IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යූරියා ගේන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

(අංජුල මහික වීරරත්න)

සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ට්ලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2025-05-26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු 03 ක් ඉදිරිපත් කර තිබේ. එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, යූරියා මෙට්‍රික්ටොන් 15,000+/-5% සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලකට සිංගප්පූරුවේ  M/s Valency International Pte. Ltd වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

යූරියා ගේන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site