IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා




(සුජිත් හේවාජුලිගේ )

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත යාපන නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීම සඳහා රුපියල් කෝටි 214 කට වැඩි කොන්ත්‍රාත් වටිනාකමකට පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් තෝරාගෙන තිබූ බවත් ව්‍යාපෘතිය 2019 ඔක්තෝබර් 10  සිට ආරම්භ කර 2024 ඔක්තෝබර් 9  දින දක්වා 1125ක දින දීර්ඝ කිරීම් හතරක් ලබා දී තිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් එහි භෞතික ප්‍රගතිය සියයට හැට හයක් පමණ වූ අතර මූල්‍ය කාර්ය සාධනය කෝටි 1636ක් බව  අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව අනුව නිරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර එහි කොන්ත්‍රාත් වටිනාකම රුපියල් කෝටි 377 සිට කෝටි 162කින් වැඩි කිරීමටද කටයුතු කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

නිවාස සංවර්ධන අධිකාරිය හරහා රුපියල් කෝටි කෝටි841ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඒකක 14022ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද අසාර්ථක වී ඇති බව
වාර්තාව සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු දෙදහස් 2022 දෙසැම්බර් අවසන් කළ යුතු වුවද 2023 දෙසැම්බර් දක්වා රුපියල් කෝටි හත්සිය හැත්තෑවක් වැයකර ලබාගෙන තිබුණේ සියයට 79ක ප්‍රගතියක් බව එහි දැක්වේ.

නිවාස ඒකක  7744ක්  පමණක් ඉදිකර තිබුණු අතර නිවාස  ඒකක හැත්ත පහක් ඉදිකිරීම අත්හිටුවා තිබූ බව විගණන  කාර්යාලය පවසයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශයට අදාළ විස්තර ලේඛනයේය.



 



අදහස් (2)

යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා

vernon Wednesday, 14 May 2025 11:21 AM

ඔය කියන කාලේදි කෝවිඩ් නිසා ඉදිකිරීම් නැවැතිලා තිබ්බා කියලා ඇයි කියන්නේ නැත්තේ...? අනික ඔය කාලේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල අහස උසට නැග්ගා. පොරොන්දු වෙච්චි ගණන් වලට කරන්න කොන්ත්‍රාත්කරුවන්ට අමාරු වුණා. ඇයි ඒ අතීතය කියන්නේ නැත්තේ...?

:       9       7

NPP Wednesday, 14 May 2025 01:58 PM

ඔන්න ජපන් පූතාණෝගේ වැඩ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site