
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොලිසිය කියයි.
කිරිඳිවැල නිට්ටඹුව කිරිඳිවල මාර්ගයේ මනමාල වංගුවේදී නිට්ටමුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වූ යුද්ධ හමුදා සෙබලුන් රැගත් බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක් මෙලෙස එකිනෙක ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් කඩිනමින් වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එයින් 20 කු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයකුු පැවසීය
බස් රථයේ රියදුරු සහ හමුදා සෙබලකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd