IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යුද හමුදා ඇදුම් ලග තබාගත් අ‌යෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

යුද හමුදා ඇදුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි  මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන වැලිගම සහන් සහ දෙහි බාලේ නැමැත්තන්ගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ මිලිග්‍රෑම් 210 ක් සමග වැලිගම බණ්ඩාරවත්ත විහාර මාවත ප්‍රදේශයේදී ඊයේ (12) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම, පිටිදූව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු නිවෙසේ සගවා තිබූ යුද හමුදා කමිස 9 ක්, යුද හමුදා නිල ඇදුම් කළිසම් 4 ක්, යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ටයක්, යුද හමුදා ටයි පටියක්, හමුදා කැප් 2 ක්, බෙරස් තොප්පියක්, යුද හමුදා ඉන පටියක්, යුද හමුදා නිල ලාංඡන 4 ක්, තහඩු නාම පුවරු 2 ක්, රෙදි නාමපුවරුවක්, පතොරොම් ගැබ් රදවනයක් ඇතුළු දේපොළ පොලිසිය සොයාගෙන ඇත.

එහිදී වැඩිදුරටත් කළ විමර්ශනවලදී සැකකරු නිවෙසේ සගවා තිබූ කඩුවක්, පිහියක්, මත්ද්‍රව්‍ය ජාවාමෙන් උපයා ගත් බවට සැක රුපියල් 99,000 මුදලක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන ඇත.

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

යුද හමුදා ඇදුම් ලග තබාගත් අ‌යෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 636 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17638 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site