
(ඩී.ජී.සුගතපාල)
යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ නිවසක මිදුලට දමාගොස් තිබු ටි.56 ජිව උණ්ඩ 32ක් අද පෙරවරුවේ (29) සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
මෙම නිවසේ 15 හැවිරිදි දියණිය මිදුල අතුගාමින් සිටියදි පොලිතින් බෑගයක් දැක එය විවෘත කර බලා ඇත.
එවිට එහි පතරොම් තිබෙනු දැක ඇය ඒ බව මවට පවසා තිබේ.පසුව මව විසින් පොලිසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මකවු පොලිසිය එම නිවසට පැමිණ නිවැසියන් ඉවත්කොට ආරක්ෂාව සළසා ජිව උණ්ඩ පොලිස් බාරයට ගෙන ඇත. පොලිසිය පවසන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම උණ්ඩ නිවසේ මිදුලට ගෙනැවිත් දමා යන්නට ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd