
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය.
හින්දු විශ්වාසයට අනුව, ක්‍රිෂ්ණා දෙවියන්ගේ පූජණීය නගරය ලෙස සැලකෙන්නේ ද්වාරකා ය. මෙම පුරාණ පූජණීය නගරය මුහුදේ ගිලී ගිය බව හින්දු විශ්වාසයයි.
ද්වාරකා පූජණීය නගරයේ යැයි විශ්වාස කෙරෙන නටබුවන් යැයි විශ්වාස කෙරෙන නටබුන්, ද්වාරකා වෙරළ තීරයට ඔබ්බෙන් පුරා විද්‍යාඥයන්ට හමු වී ඇත.
ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් ද පිරිවරා ගෙන, ඔවුන්ගේ සහාය ලබාගෙන, ඔක්සිජන් ටැංකි ආධාරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම නටබුන් ඇති මුහුදු පතුළට කිමිඳී ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් පූජාව පැවැත්වූ අතර, එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අන්ත මිත්‍යා දෘෂ්ටිකයෙක්. බලය රැකගන්න නොකරන මඟුලක් නෑ...
පිස්සු වැඩක්...!
මෝදි කියන්නේ හොඳම මිථ්‍යා දෘෂ්ටිකයෙක්...!
මෙහෙත් නුල් ඇටබෝල වලලු එල්ලගෙන වේදිකාවෙ පොරොන්දු දෙන එක්කෙනෙක් ඉන්නව බලයට ආපු දාට අලිමන්තර පාඩම් පොත් වලට ඇතුල් කරාවි. දැනට හිඟන්නන්ට පව්ඩර් දානව වගේ වැඩ කරනව, මිත්‍යාව ආසියාවේ කරුමයක්.
අම්මේ ඉතින් ඡන්දේ ගන්න නොකරන දෙයක් නෑ...!