IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ

(අංජුල මහික වීරරත්න)

වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින්  ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය. 

රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර අයවැයෙන් ආකාර 6ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,   මූලික වැටුප අවම වශයෙන් රුපියල් 15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදු කර ඇති බවද කියා සිටියේය. 

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකයේ පැසසුමට ලක්වන බව සඳහන් කළේය. ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බව පැවසූ  හෙද සංගමය වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලු ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  මහත්වරු සහ  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ

බකල ජයා Wednesday, 19 March 2025 06:06 PM

ධර්මයේ හැසිරෙන්නේ හෙද සංගමය සමගද?

:       4       30

මිලානෝ වැසියා Thursday, 20 March 2025 04:23 AM

පච කොටා හිතන් ඉන්නේ පඩි වැඩි නොකර වැඩි කරා කියලා කිව්වම රෝහල් කාර්යය මණ්ඩලය රැවටිලා ශා නියමයි කියලා කියයි කියලද දන්නේ නෑ.

:       10       7

ගුණරත්න Thursday, 20 March 2025 01:10 PM

සීයා 35,000ක් පඩි වැඩි කරලත් වෛද්‍යවරු ඡන්දය දුන්නේ මාලිමාවට... ඉතින් අහන්න එපා ඇයි පඩි වැඩි කරලත් වර්ජනය කරන්නේ මොකද කියලා... මොකද එහෙම කියන්න දැන් අයිතිවාසිකමක් නැහැ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site