
(කාංචන කුමාර ආරියදාස )
මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
දඹුල්ල කන්දලම මහා වන මැදින් ඇති හෝටලයක මුහුණු පොත හරහා සාමාජික පිරිස් ගෙන්වා මෙම ජංගල් සාදය සංවිධානය කොට ඇති බව පොලිසිය කියයි. ඒ අනුව පුන් පොහෝ දින රාත්‍රී සිට පසුදා වනතුරුම සාදය පවත්වා ඇති බව පොලිසිය කියයි .
එහිදී ගීත ගයමින් නටමින් විනෝද වෙමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සේවය කළ සම්පත් විජයතුංග නැමැති තරුණයා හදිසියේ රෝගාතුර බවට පත්ව ඇද වැටී මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd