
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.
අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.
ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු මහත් ජනතාවම ඝාතනය කල පවුලක් සඳහන් /එම අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි ?
තිරිසන්නු
ලංකාවේ අය එන්න එන්නම තිරිසන් අසමත් ජාතියක් වීගෙන එන්නේ. පේනවනේ සාමාන්‍ය දේවල් වෙනුවෙන් මිනීමරන හැටි... මේ විදිහටම කැනඩාවේත් පවුලක්ම මැරුවේ ලංකාවේ එකෙක් නේ. හැමදාම ස්ත්‍රී දුෂණ, ළමා දූෂණ, අර ලේ, මේ ලේ, බලු ලේ, සිංහ ලේ කියලා මිනිස්සු මිනිසාවම තිරිසන් කරගෙන... ඔක්කෝටම කලින් මිනිස්සු වෙයල්ලා. අනුකම්පා, කරුණාව පෙන්නපල්ලා.
හන්දියක් ගානේ පල්ලි පන්සල් හැදුවට වැඩක් නෑ මිනිස්සුන්ගේ ආකල්ප කරන්න බැරිනම්
කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි පව්කාරයෙක් ගේ වැඩක්...!
NPP රජයකින්වත් මිනිස්සුන්ට ගුණධර්ම පිරි සාරවත් සමාජයක් ආදර්ශයෙන් ලැබේවා...!