
(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා )
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සදහා ඕස්ට්‍රේලියානු රජය මෙරට පොලිසියට ඩ්‍රෝන යානා 5 ක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය කියයි.
නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන ඒම ජාවාරම් ගුවන් දර්ශන මගින් නිරීක්ෂණය කිරීම කටයුතු වෙනුවෙන් එරට ස්වෛරී දේශ සීමා මෙහෙයුම් පිළිබද ඒ්කාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකාය මෙම ඩ්‍රෝන යානා මෙරටට ලබා දීම ඇත.
මෙම ඩ්‍රෝන යානා පහ සංකේතාමකව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා පොලීසිය වෙත බාර දුන් බවද ඒම මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියයි.
ඔස්ට්‍රේලියාව විසින් ආවේක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකත කර ඇති අතර ඒ යටතේ රටවල් රැසකට මෙලෙස ඩ්‍රෝන යානා ලබාදී තිබෙන අතර ඒ අනුව, ශ්‍රි ලංකාවට ද ඩ්‍රෝන යානා පහක් ලබාදුන් බව ඕස්ට්‍රේලියාවේ දේශසීමා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් මාර්ක් හිල් මහතා පවසා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd