(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 100කට ආසන්න දේපළ ලබාගැනීමේ අරමුණීන් මිතුරන් දෙදෙනකු අතින් ඝාතනය කෙරුණු බව කියන හලාවත කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයාගේ මළ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් හලාවත කළපුවේ ලබන සතියේදී සෝදිසි මෙහෙයුම් අරඹන බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනකු සහ මාරවිල ප්‍රදේශයේ නිතීඥයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ මරණකරු විදේශගත වූ බවට ඇඟවීමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර දීම සඳහා එම නිලධාරීන් ප්‍රධාන සැකකරුගෙන් එක් අයකු සදහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ලබාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
මරණකරු, 2019 මැයි මස 28 වැනිදා යූ එල් 225 දරන ගුවන් යානයෙන් විදෙස් ගතවූ බව හැඟවීම සඳහා මෙම ආගමන විගමන නිලධාරීන් ගුවන්තොටුපල දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සියලු දේපළ සැකකරුවන් විසින් මාරවිල ප්‍රදේශයේ පදිංචි නිතීඥවරයකු මගින් “ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින්” ප්‍රධාන සැකකරුගේ නමට ලිවීම හේතුවෙන් අදාළ නිතීඥවරයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව රහස් පොලීසිය පවසයි.
මරණකරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අත්සන් සහිතව පවරාගෙන ඇති තවත් සැකකරුවකු ද සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද පැවසෙයි.
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ඉතාලියට ගොස්, මරණකරු එවන ආකාරයට එස් එම් එස් පණීවිඩ කිහිපයක් සැකකරුවන්ගේ මෙරට ජංගම දුරකතනවලට එවා ඇති බවත්, “මම කරදරයක් නැතුව ආවා. මම මෙහෙට වෙලා ඉන්නවා. මගේ දේපල ටික විකුණලා ඒකෙන් ඔක්කෝම ණය ටික ගෙවලා දාන්න” යනුවෙන් එහි සටහන් කර ඇති බවත් විමර්ශනවලදී හෙලිවී ඇතැයි රහස් පොලිසිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිතුරන් අතින් ඝාතනය වූ කෝටිපතියාගේ සිරුර සොයන්න සැලසුම්
පිටිගල මිලානෝ Tuesday, 28 September 2021 05:29 AM
කෝටි සීය, ඉතාලිය, වෙන්නප්පුව, මිනී මැරුම,...... තන්හා ජායතී සෝකෝ....!
sam Tuesday, 28 September 2021 08:31 AM
බලා පල්ලා මේක පිටිපස්සේ දේශපාලුවෙක් නැද්ද කියලා .සල්ලි කොතනද දේශපාලුවා එතන ඇති .මිනිස්සු ඒ තරමටම සැක කරලා තමයි මේ ඉන්න හැම දේශපලුවෙක් දිහාම බලන්නේ
සුවාරිස් Tuesday, 28 September 2021 11:47 AM
මෙහෙමත් මොල... මේවා හොඳ දේකට පාවිච්චි කළානම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද..? දැන් ඔක්කොම ඉවරයි. මේවාට අනුබල දුන්නු අයත් විඳවාවි... වැරැද්දක් කරලා මොන දහම් ගැට ගැහුවත් වැඩක් නෑ... කර්මයක් ගෙවන්න තිබ්බා නම් මොන විදියකට හරි ගෙවන්න වෙනවා එච්චර සල්ලි තිබිලත් මේ විදියට මැරෙන්න වුණා. වෙන රටකට වෙලා පාඩුවේ ජීවත් වෙන්න තිබ්බා.
Senarath Tuesday, 28 September 2021 01:04 PM
ගොඩක් වෙලාවට මිතුරු වෙසින් ඉන්නේ හතුරෝ ,එහෙම නැතිනම් අවස්තාවාදීන් .අතේ සල්ලි නැති දාට තමා ඒක තේරෙන්නේ .මේ සැකකරුවනුත් මේ ඝාතනය උන පුද්ගලයන්ගෙන් බොහෝ මුදල් ලාබ කාලයක් තිස්සේ ගන්න ඇති .ඒකෙනුත් සෑහීමකට පත් නොවී ඔහු මරා මුළු මුදල එක්වර ගන්න සැලසුම් කළා වගෙයි පෙනෙන්නේ
fairoos Tuesday, 28 September 2021 01:23 PM
දමිල ෆිල්ම් එකක් වගේ .එල්ලුම් ගහ නැති එකේ විපාක
sampath Tuesday, 28 September 2021 10:09 PM
මිතුරන් කිව්වට පාප මිතුරන් තමයි මේ මනුස්සය ආශ්‍රය කරලා තියෙන්නේ. තමන්ගේ වෘත්තියට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කලානම් මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ නෑ