IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත.

මේ අනුව පාර්ලිමේන්තු ප්‍රධානීහු වෙන්දේසි කළ යුතු වාහන සම්බන්ධයෙන් එම කාර්යාලයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිති.

මේ අතර සභානායක කාර්යාලයට අයත් වාහන දෙකක් පළමුවෙන්ම වෙන්දේසි කෙරෙන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙසේ වෙන්දේසි කෙරෙන්නේ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වී 8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි.

පාර්ලිමේන්තුවේ තවත් අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු වාහන කිහිපයක් පවතින අතර ඒවාද ඉදිරි දිනවල වෙන්දේසි කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සතුව බස් රථ ඇතුළුව වාහන සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතී.

 



අදහස් (3)

මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට

ගුණරත්න Monday, 17 March 2025 07:16 AM

ජනාධිපති කාර්යාලේ වෙන්දේසියෙන් සීයාගේ උපදේශකයෝ පාවිච්චි කල වාහන දාහක් විතර විකුණයි කියල කිව්වට විකුණුවේ වාහන 15යි, දැන් පාර්ලියමෙන්තුවේ වාහන දෙකයි. කාටද මේ විහිලු සපයන්නේ? කෝ අනිත් වාහන?

:       4       3

Gamini Monday, 17 March 2025 09:06 AM

ගිය පාර සුපිරි වාහන කියලා කියපු වාහන දැකලා ජෙප්පොවත් චූන් වුනේ නෑ

:       10       11

සිසිර බංඩාර Monday, 17 March 2025 09:32 PM

අපේ පරණ ආණ්ඩුවේ හොඳ වාහන පැදපු පරණ ඇමැතිතුමා මට කියනවා “ අයිසේ, ඒ අපි පැදපු වී8 වාහන හොදට අඩුවට ලක්ෂ 35 විතර ගන්න පුලුවන් කියලා. මමත් සර්ට කිව්වා මට 2 ක් විතර අරගන්න උදව්වක් දෙන්න කියලා. හරි හරි කිව්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site