
(සුජිත් හේවාජුලිගේ)
කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිල රථය ලෙස ලීටරයකට කිලෝමීටර් 12 ක ඉන්ධන වෑයවීමක් සහිත කුඩා වාහනයක් පාවිච්චි කරන අතර සෙසු ප්‍රධානීන්ද ඒ අනුව යමින් අඩු එන්ජින් ධාරිතාව සහිත වාහන වලට යොමුවීමට නියමිතය.
එසේම කතානායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයද හතකට සීමා කර ඇත.
මෙයට පෙර කතානායකවරුන්ගේ කාර්ය මණ්ඩලවල හතළිහකට ආසන්න පිරිසක් සේවය කළ බව පැවසේ.
එසේම කතානායකවරයා තම ආරක්ෂක බටයන් කිහිපදෙනා හැරෙන්නට ආරක්ෂක පරිවාර රථ යොදා ගැනීමක්ද නොකරන බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි වාහන දෙකක් වෙන්දේසි කිරීමට දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇත.
COMMENTS
අර මන්දමානසික යෝග කියන මනුස්සය දැං කියාවි මේක ෂෝ එකක් කියල!
සුපිරි.... හරි දේවල් හෙමින් නමුත් ස්ථාවරව සිදුවෙමින් පවතිනවා.. බයියෝ සහ ටොයියෝට ඕන තරම් කෙඳිරි ගාන්න පුළුවන්, මේ රටේ උගත් සහ දේශප්‍රේමී පුරවැසියන් මේ රජයට 100%ක් සහයෝගය දෙනවා.
සිදුවිය යුතු දේවල් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා, ඒකට තමයි කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා කියලා.....