Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 29 වන ඉරිදා
(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි.
විරෝධතාවයට එක්වූ පිරිස් යට ඇඳුම් අතින් ගෙන සහ මාර්ග බාධක මත ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරනු දක්නට ලැබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
චමිල Friday, 06 May 2022 02:27 PM
පිස්සු විකාර ගොන් පාට්...!
Reply : 72 191
duminda Friday, 06 May 2022 03:02 PM
රටේ පාලකයාට තවත් වැටෙන්න තැනක් තියෙනවද? ලැජ්ජාවක් තිබුණත් සනුහරේම හිරේ යන නිසා අල්ලන් ඉන්න බවයි පේන්නේ.
Reply : 55 34
Senaka Saturday, 07 May 2022 12:43 PM
අනිවාර්යෙන්. මේ වෙලාවෙ කරන්න ඕන දැන්වත්, 1. හරිහමන් ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න පාර්ලිමේන්තුවට බල කරන්න ඕන 2. ඇමැති මැට්ටන්ට ගසා කන්න, කොමිස් ගහන්න බැරි වෙන්න සහ ඔවුන්වත් නීතිය ඉදිරියට ගේන්න පුළුවන් නීති ක්‍රමයක් හදන්න ඕන 3. මැටි, ඇමැටි සහ ඔවුන්ගේ පවුලේ සනුහරේගෙම වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් නොකර නාම යෝජනා භාර නොගන්නා නීති ක්‍රමයක් හදන්න ඕන. වත්කම් බැරකම් මහජනයාට ප්‍රදර්ශනය කරන්න ඕන. 4. පාර්ලිමේන්තු මන්ත්‍රීවීමට අවම අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් කරන්න ඕන.. 5. දැන්වත් රට කාර්මික රටක් බවට පත් කරන්න පටන් ගන්න ඕනෑ. (කෘෂිකර්මයත් තියාගෙන) දැන් කෘෂිකර්මය ඔලුව උඩ තියන් ගියා ඇති. 6. තාවකාලික ආර්ථික පැවැත්ම සඳහා ඉක්මන් ණය ක්‍රමවේදයන්වලට යන්න ආණ්ඩුවට බල කරන්න ඕන. ඕවා තමයි විරෝධතාවක කියලා බල කරන්න ඕනෑ මේ වෙලාවේ. රෙද්ද ගලවලා වැලේ දාන එක නෙමේ. අරගලය අල කරන්නේ මේ වගේ වැඩ හින්දා තමයි.
Reply : 0 32
sharm warn Friday, 06 May 2022 02:51 PM
ලැජ්ජා නැති රජයකට මෙහෙම තමයි කරන්න ඕනෑ. දැන් ඉතින් යට ඇඳුමත් චීනෙට විකුණලා ඇති මෙලහකට...
Reply : 20 30
Siril Friday, 06 May 2022 02:59 PM
මොනවද මේවායින් බලාපොරොත්තු වෙන්නේ... කියන එක තමයි පැහැදිලි නැත්තේ..!
Reply : 20 57
SUNIL MILANO Friday, 06 May 2022 03:52 PM
ඕක තමයි මේ ඉල්ලන අලුත්ම වෙනස.. පේන්නේ නැද්ද?
Reply : 4 23
මැක්ස් Friday, 06 May 2022 04:00 PM
කෝ අර කාන්තා විමුක්තිකාරයෝ...?
Reply : 5 20
SUNIL MILANO Friday, 06 May 2022 04:24 PM
ශාම් වෝන් වැනි අය ඉල්ලන වෙනස තමයි මේ. මේ අය මොනවද කරන්නේ..? ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ. මේ අයගේ ක්‍රියාවලින් චරිතය නම් ලස්සනට පේනවා.
Reply : 16 62
sharm warn Friday, 06 May 2022 05:01 PM
ඔයා ඉන්නේ මිලානෝ වලනේ. අපි නම් ඉන්නේ ලංකාවේ... මෙහෙ මිනිස්සුන්ට කන්න බොන්න තියා විදුලියවත් නෑ. බෙහෙතුත් නැහැ. මේක සාමකාමී විරෝධයක්.. ඔය සමහරවිට එහෙම එව්වා දන්නේ නැතිව ඇති. පොඩ්ඩක් ලංකාවට ඇවිල්ලා බලන්න. බැරිනම් ලංකාවේ ඉන්න ඔයාගේ පවුලේ අයගෙන් අහන්න දැන් සැපද කියලා... ඔයාට රාජපක්ෂලා පඩි ගෙවනවද කියලා මම දන්නේ නැහැ..
Reply : 48 17
කුමාර Saturday, 07 May 2022 12:08 PM
මේක සිංහල රටක්ලු. මේවගේ හිවල්ලු ඉන්නකන් මේ රට දියුණු වෙන්නැහැ. අපේ දරුවොත් එක්ක එකට ඉඳගෙන ටී.වී බලන්න පුළුවන්ද? මේ අයගේ හැදිච්චිකම රටටම පෙන්නුවා. කැතයි...
Reply : 4 33
sujeewa Saturday, 07 May 2022 02:11 PM
මෙහෙම මානසික ආබාධ තියෙන අය තමයි රට හදන්න පෙරට ඇවිත් තියෙන්නේ... පවත්නා නීති රාමුවලින් පිට අනීතිකව බලය ගන්න හිතන බහුතරයකටම මෙවැනි විකෘති මානසිකත්වයන් තියෙන බව ඔවුන්ගේ ජීවිත කතාව විමසා බැලුවොත් වටහාගන්න පුළුවන්. තමන්ගෙ ගැහැණු, මිනිස්සු පවා මාරු කරගන්නෙ මෙහෙම අය තමයි. අනුන්ට අපහාස කරන අයට ඇඳුම් නැතුව හිටියත් ලැජ්ජාවක් නැහැ. අපේ දරුවො පවු...!
Reply : 1 17
sharm warn Monday, 09 May 2022 09:53 AM
ඔයාගේ උත්තම පාලකයෝ ඔයාගේ දරුවන්ට බබළන අනාගතයක් උදා කරලද තියෙන්නේ..? මට පේන විදිහට මේ රටට කරපු විනාශයට වගකිව යුතු එක්කෙනෙක් ඔයත්.. අඩු ගානෙ මෙච්චර කෙළවෙලාවත් තවමත් හඳ පෙන්නන ඇඟිල්ලේ ඇද හොයන්න හදනවා. උද්ඝෝෂණයක් කියන්නේ ප්‍රියසම්භාෂණයක් නෙමෙයි කියලාවත් තේරුම් ගන්න.
0 0