
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අපේක්ෂකයන්ට එම වාර්තා ඉදිරිපත් කිරීමටද යුතු කාලය අද රාත්‍රියෙන් අවසන් විය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වෙයි.
වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
COMMENTS
නම් නැති අපේක්ෂකයොත් තරඟ කරලා කියල මේකෙන් තමයි දැනගත්තේ.
නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් මෙය විහිළුවක් බවට පත්කර ගන්නවා. මෙහෙම කරන්න බැරි අය බළල් අත් බව තේරුම් ගන්න.
ජාජබ නොහොත් මාලිමාවත් මේ වැඩේ නොකිරීම, ඒ කෙරෙහි විශ්වාසය පලුදු කිරීමක්. අනිත් දේශපාලන පක්ෂ ලගින අසූචි ගොහොරුවට බහින්න ද හදන්නේ?
ඒ අය කවුද කියලා නම්ටික කීවානම් කොතරම් හොඳද ..
අනුරගෙන් අහලා බලමු ඇයි වියදම් විස්තර කලට වේලාවට දුන්නේ නැත්තේ කියලා...!
ජාතික ජනබලවේගයේ ඇද සෙවීම කුහකත්වය සමග මුසුවූ විනෝදාංශයක්ව ඇති බව පෙනේ. තමන් මෙතෙක් පත්කළ අයගේ වැරදි දැක දැක තවදුරටත් ඔවුන්ටම කඹුරමින් ජාජබ හි වැරැදි පෙන්වීම අපට නම් විහිළුවක්... !