IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැක්කකු ලියූ පොතක් ගැන ෆොන්සේකා කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

මේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු තානාපතිවරියද සිටින බව මැක්කා සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා ශවේන්ද්‍ර සිල්වා තමා සමග කතා කළ හෙයින් ඔහු ඉවත් කරන ලෙසට මැක්කා ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

අරගල සංකල්පය නැවත ගොඩනැගිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ බදු පනත් පිළිබඳ විවාදයේදීය.

සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. මේ රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.

 



අදහස් (13)

මැක්කකු ලියූ පොතක් ගැන ෆොන්සේකා කියයි

BATA Thursday, 25 May 2023 04:16 PM

මැක්කකු ලියූ පොතක් ගැන කලවැද්දෙක්ට ඩෝන් ගිහිං...!

:       68       46

විපරමා Thursday, 25 May 2023 04:39 PM

ඔය කියන මැක්කා ගැන පොතක් ලියන්නත් අපිට කරුණු කාරණා ඕනෑ හැටියේ තියෙනවා...

:       17       50

Aravinda Monarawila Thursday, 25 May 2023 04:53 PM

බල්ලා මැරී ඇති නිසා මැක්කා දැන් අනාථ වී ඇති බැවින් සුදුසු සුනඛ පෝතකයන් සොයමින් ඉන්නවා එල්ලෙන්න.

:       18       47

Mahasen Thursday, 25 May 2023 04:59 PM

මැක්කගේ පොත ගැන කුක්කා ඔච්චර උඩු බුරලන්නේ ඇයි? ගෝනියේ සියඹලා නැතුවම නෙවේ වගේ...

:       46       37

සත්‍ය ගවේෂී. Thursday, 25 May 2023 05:02 PM

මැක්කෙකු ලියූ පොතක්.. ගැළපෙනම නිර්වචනය. හහ් හහ් හා..

:       20       35

Surain Thursday, 25 May 2023 05:09 PM

ඔය කියන මැක්කා කළ වැරැදි වලට හොර ගමන් බලපන් හැදුවට සිටිය යුත්තේ බිත්ති හරරෙන් වටවූ තිඹිරි ගෙදරයි...

:       16       34

මහසෙන් Thursday, 25 May 2023 05:48 PM

මෙයත් කොහෙන් ගියත් අන්තිමට එන්නේ අරගලයක් ඕනෑ කියන තැනට. ඒකත් ඉතින් ඔය කියන මැක්කගේ කතාව වගේ තමයි. මැක්කගේ දේශපාලන භාවිතය ගැන බරපතල විවේචන තිබුණත් මේ මහත්මයා ඒ කියන කරුණු වලට තාම පිළිතුරු දුන්නෑ. මෙයත් අනික් අය වගේ එකම තැටිය තමා. මේ තවත් වෙන්න ජනපති කෙනෙක් අරගලෙන් ගොඩ යන්න හදපු...

:       14       41

ගමේ එකාලා Thursday, 25 May 2023 06:20 PM

අසූචි ගොඩක වහලා ගොඩගිය නිලමැස්සා ගැන වෙන්න ඇති ඔය කියන්නේ?...

:       4       12

thantreehamu Thursday, 25 May 2023 06:29 PM

මැක්කන් කනකොට කුක්කන්ට රිදෙනවා...

:       8       17

Yogananda D.N. Thursday, 25 May 2023 08:44 PM

මහරජ, ඒ මැක්කාත් මේ මැක්කාත් හැර තවත් මැක්කෙකු සිටීද? එසේය ස්වාමීනි, ඒ බලු මැක්කාය.

:       0       2

රනුල් Thursday, 25 May 2023 09:03 PM

අරගල විහිලුව හරහා බලයට එන්න දැඟලුව හොඳ කුක්කෙක් තමයි.

:       1       6

සසර Friday, 26 May 2023 07:26 AM

දේශපාලන සම්ප්‍රප්පලාප ප්‍රධාන මාධ්‍ය දාරාවන් තුල දැමීම හෙලා දකිමි. මෙවැනි හිස් පුවත් නිසා තරුණ ලමා මනස් දූෂණය වේ.

:       0       3

Senarath Friday, 26 May 2023 12:12 PM

සිංහයෙක් දේශපාලනයට ඇවිත් මැක්කෙකුටත් වඩා බලුවන හැටි දකිනකොට අපොයි කියලා හිතෙනවා.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31215 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13385 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10974 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 77 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 909 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 273 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site