IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාළු ලොරියට යට වී කතක් මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී ඊයේ (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය පදිංචි සිව්දරු මවක් වු ගොඩපිටිඉගේ රොමේෂා නිලන්තී නැමති  49 හැවිරිදි කාන්තාවකි.

නිවසට  ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මාළු ප්‍රවාහනය කරනු ලබන කැබ් රථයක් මොවුන් ගමන් කල යතුරු පැදිය යට කරමින් ගමන් කර ඇති බවයි.

එම අනතුරීන් බරපතල තුවාල  ලබා සිටි සිව් දරු මව හා ඇය රැගෙන යමින් සිටි තැනැත්තාද පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මෙම කාන්තාව මරණයට පත්ව සිටි බව කියයි.

පොලිසිය පවසන්නේ මරණයට පත්ව සිටි කාන්තාව මදුරන්කුලිය දෙස සිට යතුරු පැදියක නැගි ගමන් කරමින් සිටියදී ඒ දෙසින් අධීක වේගයෙන් පැමිනි මෙම මාළු ප්‍රවාහනය කල බෝලේරෝ වර්ග් කැබ් රථය මොවුන් යට කරමින් ගමන් කර ඇති බවයි.

මාළු ප්‍රවාහනය කල කැබ් රථ රියදුරාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බවත් අනතුර සම්බන්ධයෙන් රියදුරු අත් අඩංගුවට ගෙන පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.

මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිස පරික්ෂණ සදහා එක්ව සිටිති.

 



අදහස් (0)

මාළු ලොරියට යට වී කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site