(ඉන්දිකා රාමනායක)

සීදුව  තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී  මාස 6ක බිලිඳියක්  වැසිකිලි වළකට   දමා ඝාතනය කිරිම  සම්බන්ධයෙන්  ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි.

මෙම බිලිඳිය  ඉකුත් (3) දින ඇගේ මව විසින්  ළිඳකට දමා ඇති අතර ,පියා සවස නිවසට පැමිණ බිලිඳිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ළිඳකට දැමූ බවට මව පවසා ඇත .

පසුව බිළිඳියගේ පියා  සිද්ධිය වසන්කිරිම  සඳහා  ළිඳේ  තිබූ බිලිදියගේ මළ සිරුර ගොඩගෙන වැසිකිළි වළකට දමා ඇතැයිද පොලිසිය පවසයි .

බිළිඳියගේ මව යම් මානසික ආබාධයකින් පෙළන කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.