මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ් බෝම්බ ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබුවේය.
තුවාල ලැබූ නෂීඩ් මාලේ අගනුවර රෝහලට ගෙන ගිය බවත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන බවත් පැවැසෙයි. නෂීඩ් බේම්බ ප්‍රහාරයට හසුවූයේ සිය නිල නිවස ඉදිරිපිටදීය.
බෝම්බය අටවා තිබුණේ යතුරු පැදයක යැයි පොලිසිය කියයි. එය නෂීඩ් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව ද පැවැසෙයි.
මාලදිවයින ස්වදේශ කටයුතු ඇමැති ඉම්රාන් අබ්දුල්ලා මාධ්‍ය හමුවේ කියා සිටියේ, 53 හැවිරිදි නෂීඩ්ගේ තුවාල බරපතල නොවන බවය.
ප්‍රහාරය සම්බන්ධයෙන් වහා විමර්ශන ආරම්භ කළ බවත්, විදේශ රටවලින් ද ඊට සහාය ලබා ගන්නා බවත් ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.