IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් තොග වෙළඳසල් හිමියන් සහල් තොග සඟවාගෙන ජනතාවට අලෙවි නොකර සිටින සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇතැයි මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානී තිලකරත්න මහත්මිය පැවැසුවාය.

ඒ සම්බන්ධයෙන් සොයාබලා වහාම එම ස්ථානා වැටලීම් සිදුකරන ලෙස ද මාතලේ දිස්ත්‍රීක් ලේකම් මාතලේ පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් දඹුල්ල නගරයේ වෙළඳසල් කිහිපයකම පැරැණි සහල් තොග බව ප්‍රකාශ කරමින් පාරිභෝගික ජනතාවට සහල් අලෙවී නොකිරීම සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කිහිපයක් ලැබුණු බවත් මාතලේ ,රත්තොට ,ලග්ගල ,ගලේවෙල, නාවුල, ආදී ප්‍රදේශවල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත සහල් අලෙවි කරන වෙළඳසල් වෙත ද තමන් පෞද්ගලිකවම ඉල්ලා සිටින්නේ මහජනතාවගේ මිලදී ගැනීමේ ඇති අයිතියක් නවතා දමන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමයකින් ක්‍රියාමාර්ග ගන්නා බවය.

භාණ්ඩවල මිල ඉහළ යද්දී ඒවා අලෙවි කරන වෙළඳුන් සිටින රටේ හදිසි සහල් හිඟයක් ක්‍රියාත්මක වන අවස්ථාවේ තමන්ගේ ලාභය පමණක් පදනම් කරගෙන වෙළඳාම් කටයුතු සිදුනොකරන ලෙස තමන් මාතලේ දිස්ත්‍රික්කයේ වෙළඳසල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද තේජානී තිලකරත්න මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය ඉල්ලී වැඩිදුරටත් පැවැසුවාය. විශේෂ වැටලීම් 09 දින සිටම ක්‍රියාත්මක කරන ලෙස තම පාරිභෝගික නිලධාරී කණ්ඩායම උපදෙස් ලබා දුන්නේ යැයි ඇය වැඩිදුරටත් පැවැසුවාය.

දඹුල්ල නගරයට දීවයිනේ විවිධ ප්‍රදේශවලින් පාරිභෝගික ජනතාව පැමිණෙන බවත් මහා පරිමාණ වී මෝල්වලින් මෙවන විටත් සහල් තොග විශාල වශයෙන් දඹුල්ල නගරය වෙළඳසල්වලට ලැබී තිබෙන බවත් එසේ ලැබී තිබියදී ඔවුන් සතු වූ වැඩි මිලට ලබාගත් බව කියන සහල් පාලන මිලට ලබාදීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු යැයි ඇය පැවැසුවාය.

 



අදහස් (1)

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Asela Monday, 09 December 2024 08:38 PM

මාළිගාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලිය අසල කඩ සාප්පු සෝදිසි මෙහෙයුම් කරන්න. සෑමවිටම ඉතා ඉහළ මිලකට සහල් සඟවා ගෙන අළෙවි කරනවා.

:       1       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 951 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site