IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියකද වන බව පොලිසිය කියයි.

බණ්ඩාරගම අලුත්ගම ගම්මාන පාරේ ඩබ්ලිව්  ඒ සුසන්ත වික්‍රමසිංහ (51) නමැති සිව් දරු පියා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට පැමිණීමෙන් සිටියදී ඊයේ (16) රාත්‍රි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක් සමග මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදි  බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.

  මඳ වේලාවක් ගත වෙද්දී    එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික  පිරිසක් යතුරු පැදි සහ තීරෝද රථ මගින් රෝහල් භූමිය කරා පැමිණ එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී  වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින්  තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා හදිසි ප්‍රතිකාර ඒකකය තුළින් ඇඳන් පෙරලා දමා එහි ටොලිය මත දමා තිබූ මළ සිරුර බලහත්කාරයේ රැගෙන ට්‍රොලියක් සමඟ තල්ලු කරගෙන  බණ්ඩාරගම හොරණ මාර්ගය කරා රැගෙන ගොස් ලොරියක පටවාගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.



අදහස් (2)

මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි

ගලගෙදර එස්ව් කොඩිකාර Thursday, 17 April 2025 01:56 PM

මැරිලාවත් ඒ මනුස්සයාට ඉන්න දෙන්නේ නැති හැටි මේ මිනිස්සු ... ඔබතුමාට නිවන්සුව ලබේවා...!

:       2       17

Hafiz Friday, 18 April 2025 12:36 AM

තව තව සෙල්ලම් ඉස්සරහට. ඔහොම යං.. ඔහොම යං..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site