IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ

(රංජිත් රාජපක්ෂ,සමන් පාලිත නානායක්කාර, එස්.ඩි.කොඩිකාර,සම්පත් ප්‍රියනනන්ද සහ ප්‍රසාද් රුක්මල්)

අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන්  විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්ද ගස් සහ ගල් සමග මාර්ගයට කඩා වැටි ඇති බව පොලිසිය කියයි..

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් ඉවත් කරන තෙක් කොළඹ සිට හැටන් දක්වා ගමන් ගන්නා සියළුම වාහන කළුගල ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙත් , මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරන සියළුම වාහන නාවලපිටිය තලවකැලේ මාර්ගයෙත් ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

​මේ අතර  පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් දෙණියාය - රත්නපුර ප්‍රධාන මාර්ගය අනින්කන්ද ප්‍රදේශයේ කිලෝමීටර් 86, 87 කණු දෙක අතර ඉහළ පිහිටි කන්දක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇන හිට ඇතැයි දෙණියාය පොලීසිය කියයි .

මාර්ගය යථා තත්ත්වය පත් කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය  රියදුරන් ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බිබිල ලුණුගල මාර්ගයට  පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනය අවහිර වී ඇති බැවින් හෙට (8) උදෑසන අට වෙන තෙක් රාත්‍රී කාලයේ එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලුණුගල බදුල්ල මාර්ගයේ එකසිය හැත්ත නව වැනි කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයට දැවැන්ත ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බවත් එක් මං තීරුවක් විවෘත කිරීමට උත්සාහ කළද පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් එයද අසාර්ථක වී ඇති බැවින් හෙට උදෑසන වෙනතෙක් මාර්ගය වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

පවතින අධික වර්ෂාවත් සමඟ නාය යාමේ අවදාමක් හේතුවෙන් බදුල්ල චෙන්කලඩි A-5 ප්‍රධාන මාර්ගයේ ලුණුගල අරවාකුඹුර 32කනුව බිබිල මාර්ගය අද (7) රාත්‍රි 9 සිට පසුදින උදෑසන 7..00 දක්වා වසා දැමූ බව ලුණුගල පොලිසිය පවසයි .

මේ නිසාවෙන් බදුල්ල පස්සර මැදගම බඩල්කුඹුර බිබිල මාර්ගය විකල්ප මාර්ගය ලෙස භාවිතා කරන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .

බළන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බළන්ගොඩ පින්නවල ප්‍රදේශයේදි විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට අද (08) දා සම්පූර්ණයෙන්ම බාධා සිදුව ව තිබෙි.

 



අදහස් (0)

මහ වැස්සෙන් මාර්ග රැසක් වැහේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්
2024 පෙබරවාරි මස 26 22 0

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගය


ඊශ්‍රායලයේ රැකියාවට තවත් පිරිසක් යයි
2024 පෙබරවාරි මස 26 61 0

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත


විමල්ට එරෙහි නඩුවකට දින දෙයි
2024 පෙබරවාරි මස 26 58 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්


පාසල් බසය ඇළට පෙරලෙයි
2024 පෙබරවාරි මස 26 173 0

අම්පාර උහන උදයගිරිය ප්‍රදේශයේදි පාසැල් දරුවන් රුගත් බස් රථයක් ඇළට පෙරලිම නිසා තුවාල ලැබු දරුවන් හතර දෙදෙනෙකු අම්පාර මහා රෝහලට අද (26) දහවල් ඇතුලත් කර ති


අධිකරණ 27 ක් ගිනි තැබූ අය රටේ යුක්තිය ගැන අහනවා
2024 පෙබරවාරි මස 26 262 1

එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


‘ලාහෝර් මීයා’ ගුවන් යානය දින 3ක් නවතයි
2024 පෙබරවාරි මස 26 637 0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේදී මීයෙක් රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 283 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site