
(ප්‍රසාද් රුක්මල්)
වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක සිදු වූ ගල්පර්වත පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම්, ජලගැලීම් ,අධික සුළං ආදි විවිධ ආපදා හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් පවුල් 67 ක සාමාජිකයන් 239ක් විපතට පත්ව නිවාස 17කට අලාභහානි සිදු වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(20)වන දා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ දින කීපයක් නොකඩවා වර්ෂාව පතිත වෙමින් තිබූ අතර ඉකුත් 17 වන දින සිට 20 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, මීගහකිවුල, කන්දකැටිය, බදුල්ල, ඌවපරනගම, පස්සර, මහියංගණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිදු වූ විවිධ ආපදා වලින් මොවුන් මෙසේ විපතට පත්ව ඇතැයි හෙතෙම කීය.
මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලගැලීම් හේතුවෙන් රත්කිද, බතලයාය, උල්හිටිය, රොටලවෙල, මිල්ලැත්තාව,තෙල්දෙනියාය ග්‍රාම සේවා වසම්වල පදිංචි පවුල් 23ක සාමාජිකයන් 70ක් විපතට තෙල්දෙනියාය විදුහලේ පිහිටුවා ඇති සුරක්ෂිත මධ්‍යස්ථානයේ ඊයේ (19)වන දින තාවකාලිකව නතර කර තැබූ බවත් ඊට අමතරව විපතට පත්වූ පවුල් 25ක සාමාජිකයන් 77ක් සිය නෑදෑ හිතවතුන්ගෙ නිවාස වල තාවකාලිකව නතර වී සිටින බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැස්සෙන් බදුල්ලේ පුද්ගලයින් 239කට පීඩා