IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා

( බී.ජි. චතුරංග) 

දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි  සමඟ  අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 400 පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. 

එමෙන්ම   මේ  හේතුවෙන් අනුරාධපුර පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වඩා සැලකිලිමත් විය යුතු බවද  ඔහු කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ  අද  (27)  දහවල් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකු කුඩා සියලු වැව් පිටාර මට්ටමට පැමිණ තිබෙන බවත් කලා වැව රාජාංගනය නාච්චාදුව  ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බොහෝමයක් මාර්ග ජලයෙන් යටවී ඇති බව දිසාපතිවරයා සඳහන් කළේය. 

දිස්ත්‍රික්කයේ පවුල් හාරසීයක පුද්ගලයන් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව  තිබෙන බවත්, අවතැන් වූ අයවලුන් සඳහා සුරැකුම් මධ්‍යස්ථාන අටක් ස්ථාපිත කර  අවතැන් වූ එම පුද්ගලයන් සඳහා පිසු ආහාර ලබා දීම සිදු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

ආපදාවට සහ බලපෑමට ලක්ව තිබෙන නිවාස වලට වියළි ආහාර ලබා දීම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මැදිහත්වීමෙන් පළාත් පාලන ආයතන ඒකාබද්ධව ආරක්ෂක අංශ වල සහාය ඇතිව එම වැඩ කටයුතු සිදු කෙරෙමින් තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. 

දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැව්වල තත්ත්වය මහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන අතර අවශ්‍ය වුව හොත්   අවදානම් මට්ටමක පවතින  වැව්වල ජල මට්ටම  අඩු කිරීමට පියවර ගන්නා බවද විමලසූරිය මහතා පැවසීය.

ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මල්වතු ඔය දෙපස සිටින ජනතාවට යම් බලපෑමක් සිදුව ඇති බවත් මහවිලච්චිය වැව පිටාර ගැලීම හේතුවෙන් සැලකිය යුතු පවුල් සංඛ්‍යාවක් බල පෑමට ලක්ව ඇති බව සඳහන් කළ දිසාපතිවරයා මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ගය හරහා වැටී තිබූ ගසක ගැටීමෙන් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්වූ බවද සඳහන් කළේය."

අධික වර්ෂාපතනයත් සමග දැදුරුඔය පිටාර ගැනීම හේතුවෙන් අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගය ඇල්ල ප්‍රදේශයෙන් වසා දමා තිබූ අතර, එම මාර්ගය අඩි හයකට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටව තිබුණි.

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මඩකලපුව දුම්රිය, කලා වැව දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් රාජාංගනය වම් ඉවුර සහ දකුණු ඉවුරේ කලා ඔයට ආසන්න මාර්ග කීපයක් ජලයෙන් යටව තිබුණි.

කලා වැවෙන් වාන් දමන ජලය, කලා වැවේ වැ කන්ද මතින් දිවෙන පාලම උඩින් ගමන් කිරීම, හේතුවෙන් එම මාර්ගය වසා දැමුණු අතර එය නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීමට පැමිණෙන  ජනතාව පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා තිබුණි.



අදහස් (0)

මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site