(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි    ශ්‍රී ලංකා මහා බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් ලක්ෂ 42 කට ආසන්න වටිනා තඹකම්බි කපා සොරකම් කළ කොන්ත්‍රාත් සමාගමක සේවකයන්  හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි . 

සැකකරුවන්ට එලෙස සොරාගත් තම කම්බි තොගයෙන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සොරාගෙන තිබූ තබ කම්බී දිගින් මිටර් 288 ක් බව පැමිණිල්ලේ සඳහන්ය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු ඉකුත් මස 27 වෙනිදින  එම සොරකම සම්බන්ධයෙන් කොටුව පොලිසියවෙත එම පැමිණිල්ල සිදුකර තිබිණි.