IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුව  පසුගිය වර්ෂයේදී කෝටි සීයකට  වැඩි පාඩුවක් ලබා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය.

ඔවුන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  මෙසේ කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.



අදහස් (4)

මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්

Hafeel Tuesday, 07 May 2024 04:06 PM

මෙච්චර කල් මහ බැංකු කලේ මුදල් අච්චු ගැසීම පමණයි. එච්චරයි. මේ තත්වය උඩ මහ බැංකුව පවත්වාගන යන එකත් තේරුමක් නැහැ. හරියට අපේ තානාපති කාර්යාලයවල් වගේ.

:       0       0

sara Tuesday, 07 May 2024 05:53 PM

මේ අස්සෙ ඔබතුමන්ලා පර්මිට් ඉල්ලන එකත් හරිද? ඇයි ඒ ගැන කතා කරන්න දිව නැමෙන්නෙ නැත්තෙ? ඒවගෙන් කෝටි 100 නෙවෙයි 100කටත් එහා රටට අහිමි වන බව බැරිඅල්ල ඇමැති තුමාලට නොතේරෙන්නෙ ඇයි?

:       0       2

B Amarasinghe Wednesday, 08 May 2024 06:27 AM

විදුලි බලය පාඩු විඳින්න බෑ. ජලයෙන් පාඩු විඳින්න බෑ කියන මහ බැංකුව පාඩු විදට කමක් නෑ. ඒ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්න ඒකට කමක් නෑ

:       0       4

Nimal Wednesday, 08 May 2024 12:07 PM

තමන්ගේ සේවකයින් මහ පඩි දෙන... ජනතාවට මහා බර පටවන... මහා පාඩු ලබන මහ බැංකුව...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 75 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 88 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 686 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 205 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 797 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 908 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site