
(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට අද (12) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට සහභාගී වු හිටපු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 11 දෙනකු ද, ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් 06 දෙනකු සහ මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස තවත් 07 දෙනකු මෙම විදෙස් ගමන් තහනම් වූ 24 දෙනා අතර සිටිති.
මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනය හේතුවෙන් 1993 අංක 16 දරන ආගාමික හා විගාමික පනතේ 5 (ඇ) 1, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 7, 77, 127 වගන්ති ප්‍රකාරව පුද්ගලයන් 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළේය.
ඒ අනුව, මෙසේ විදෙස් ගමන් තහනම් වූයේ, ඉකුත් 09 වැනිදා අරලියගහ මැදුරේ පැවැති උත්සවයට සහභාගීවී සිටි, හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රාදේවි වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, සම්පත් අතුකෝරාල, සනත් නිශාන්ත, සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා, හිටපු අමාත්‍ය කංචන ජයරත්න යන 11 දෙනාගේය.
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදෙන අවස්ථාවේදී සිටි බවට හදුනාගත් නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිංහ, මහින්ද කහදගම, දිලිප් ප්‍රනාන්දු, බස්නාහිරපළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් 06 දෙනාගේ ද විදෙස් ගමන් තහනම් විය.
මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස විදෙස් ගමන් තහනම් වූයේ නෝනාමොරින් නුර්, ඇටැම්පිටියේ සුගතානන්ද හිමි, ගල්පායගේ දොන් අමල් සාලින්ද පෙරේරා, සේනාදි චතුරංග, පීරිස්ලාගේ අමිල ජීවන්ත, කොඩිතුවක්කු ආරච්චිලාගේ ජගත් චන්ද්‍රාවතී, මොහොමඩ් ශර්මිලා යන 07 දෙනාගේය.
2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහින්ද - නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්
Sisil Thursday, 12 May 2022 05:57 PM
දැන් සැපද...?
චිරන්ත Thursday, 12 May 2022 06:10 PM
රට යහමගට පැමිණෙනවා කියලා හිතෙනවා. ජයවේවා... !!!