
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බොරැල්ල සර්පනටයින් පාර පදිංචිකාරියකි.
බිමට වැටී දැරිය බරපතල තත්ත්වයෙන් සිටි කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසි ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි
මියගිය දැරිය කලක සිට මානසික ආතතියකින් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිසියේ කියයි
දැරිය එම මහලේ බැල්කියෙන් බිමට පැන ඇද්ද ? එසේ නැතහොත් වැටී ඇද්ද ? යන්න පිළිබඳ අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව බොරැල්ල පොලිසිය සඳහන්කරයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.