
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීකවීරරත්න)
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
රැඳවියන් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කිරීමක් කළේය.
ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යලය සහ බන්ධනාගාර රෝහල විනාශවී අැත
මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේය.
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර තිබේ.
ඒ අනුව තත්ත්වය සාමකාමී බවත් රැඳවියන්ගේ ඥාතීන්ට සාමකාමී ලෙස එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසටත් ඔහු ඉල්ලා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට කන්න දෙන කුස්සියෙ බඩු විනාශකරන්නෙ මිනිස්සු නෙමෙයි සත්තු , මුන්ට කන්න දෙන්න එපා
එකක් ඉවරවෙලා මාසයක් ගියෙත් නෑ තව එකක් ! මේව පිටිපස්සෙ කුමක්හෝ අද්‍රෘශ්‍යමාන බල වේගයක් පවතින බවනම් හොඳටම පැහැදිළිව පේනව.
හානිය සෑහෙන්නේ කාටද? හිරකාරයන්ටද? ආණ්ඩුවටද? ලංකාදීපෙටද?
වැරදි කරලා හිරේ ගිහිල්ලත් නිකම් ඉන්ඩ බැරි උන්?දැඩි දණ්ඩුවම් දිය යුතුමයි .
අපරාදේ මහජන මුදල් නිකන් නාස්ති වෙනවා.