
මහනුවර හෝටලයකට කඩා වැදුණු රිලව් රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.
දෙස් විදෙස් සංචාරකයන්ට නිතර දෙවේලේ මෙවැනි අත්දැකීම් විඳින්ට සිදුවන බව එහි ප්රකාශකයෙක් පැවැසීය.
එක් රිලවෙක් රට බීම පානය කරද්දී හැලෙන රට බීම අනෙක් රිලව් ලෙව කෑ අයුරු සහ අසල සිටි තවත් රිලවෙකුගේ කටගැස්ම ආහාරයට ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රිලව් ටික අනිවාර්යයෙන්ම මැදමුලන උදවිය වගේමයි.
මහනුවර කිරි තියෙන ඇල්ලක් ළඟ තව වදුරෙක් හිටියා, දූත් එක්ක එකතුවෙලා හොදට කාපු බීපු….!
නුවර රිලවෙක් උනානං හොඳයි කියල හිතෙනවා , රනිල් සීයා හිත පිත් නැති විදිහට මත්පැන්වල මිල ගණන් වැඩිකරට පස්සේ ඔය වගේ රට බිම් එකක් රස බලපු කාලයක් මතක නැහැ.
මේ ඡායාරූප වල ඉන්නේ වඳුරෝ නෙමෙයි රිලව්
අනේ අපරාදේ රිලව් රටබීම බිව්වාට පස්සේ උන්ගේ හැසිරිම පටිගත කරන්නට වාර්තාකරු තව ටිකක් කල් ගත කර තිබුණා නම් තවත් හොඳ හොඳ දේවල් බලාගන්ඩ තිබුණා.
සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුනත් කමක් නැහැ අද ජොලි කරලා.......... ඉන්න ටිකේ ඉමුකෝ සුදු අපි ජොලි කරලා...
රිලා වඳුරු කරදරය නිකම්ම යට ගහන්න යනව වගේ.
ඕ.... අද චමුදිත උදේ පත්තරෙන් මේ ගැන කිව්වේ නෑනේ.
පොල් සම්බෝල කිරිහොදි එහෙම පාටියට තියන්ඩ ඇති නේද?