
(අංජුල මහික වීරරත්න)
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දළදා දැක්ම නිමාවී පැය 24ක් ඇතුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්න් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතව ඇත.
මහනුවර නගරය පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
දළදා දැක්ම නිමාවූ පසු අද මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි...
අගනා වැඩක් සතුටුයි. ඒ විතරක් නෙවෙයි මෙම වැඩ සටහන තුළ රාජකාරියේ යෙදුණු සුව සේවා කටයුතු වලට උදව්කළ අයටද සේවයේ යෙදුණු ආරක්ෂක අංශ වල අය සිටී නම් ඔවුන්ටද අවස්ථාවක් ලබාදෙන්න.
ඉතාමත් අගය කළ යුතු තීරණයක්...