
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
තැන තැන ගොඩගැසුණු මළ මුත්‍රා ඇතුළු කසළ හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරී මහනුවර නගරය විශාලා මහනුවරක්වීමට ඉඩ ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න ගැටලු උදාවූයේ ආණ්ඩුව පෙර සූදානමක් නොමැතිව දළදා වන්දනාව සූදානම් කිරීම නිසා බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා මෙයට පෙර රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරැන් දළදා වන්දනාව සඳහා මාස තුනකට කලින් සූදානම්වූ බවද ප්‍රකාශ කළේය.
දළදා වන්දනාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට රැස්වීම් පහළොවක් පමණ එදා පැවැත්වූ බවත් ඒවාට එම ජනාධිපතිවරුන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම සහභාගි වූ බවත් කිරිඇල්ල මහතා පැවසීය. දළදා වන්දනාව සඳහා එදා අමාත්‍යාංශ දහයකට වැඩ කටයුතු පැවරූ බවත් නගරයට වතුර රැගෙන ඒම සෞඛ්‍ය අමාත්‍යාංශයට ද කූඩාරම් සැපයීම නිවාස අමාත්‍යාංශයටද ආහාර සැපයීම සංචාරක අමාත්‍යාංශයටද වශයෙන් එලෙස වැඩ පැවරූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දළදා වහන්සේගේ භාරකාරත්වය මෙවැනි දේට ඉක්මනින් එකඟ වුනේ? එතැනයි ප්‍රශ්නය. මාලිමාව කියන්නේ සිංහල බෞද්ධකමට කැමැති අය නොවෙයි...
තමුන්ලා ඒ කාලේ හරියට කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
දැන් නුවර කුණු එකතු කරන ගමන්, ඔයාගේ හන්තානේ ඉඩමට ගෙනත් දාන්නද?
ඇත්තටම මේ කියන කතාවට එකඟ වෙන්න වෙනවා. රිලා ප්‍රශ්නයේදී අසමත් තාම ගැටළුව ඒකෙමයි. මේකත් හත්පොලේ අනාගත්තා. මීට වඩා බැරැක්කවල ඉන්න හමුදා වලින් වඩා ගන්න. නිකන් පඩි ගෙවලා බැරැක්කවල තියන්න එපා...
අනේ කිරිඇල්ල, තමුන්ගේ නායකයා පරයලා ගොං කතා කියන්න එපා... ඒක වරදක්, මිනිස්සු අසාමාන්‍ය ලෙස පැමිණීම රජයට පාලනය කළ හැකිද? කුණු කසළ එකතු කිරීම මිනිස්සු කලින් දැනුවත් කලා කියලා පාලනය කරන්න හැකිද, ඕන නම් මළ මුත්‍රා පහවීම පාලනයට බෙහෙතක් නිපදවා බෙදන්න තිබුණා සජිත් හිටියා නම්...!
තමන් වෙන කොහෙට හරි ගියානම් කුණු කන්දක් අයින් කෙරුවා වගේ තමයි. හැබැයි ඒ යන තැනට දෙයියන්ගේම පිහිටයි...
රට විනාශ කරපු සහ දේපළ ගිනිතියපු පක්ෂයක් වන ජවිප සංවිධානය කරන්න දන්නේ විනාශකාරී සහ ජනතාවට අයහපත් දේවල් මිස යහපත් වැඩ නොවේ.
2009 දී වැඩේ හරියට ප්ලෑන් කරගන්න බැරිව දවස් දෙකකට කළින් නවත්වලා දැම්මේ ඒක වෙන්න ඇති. කොහොම වුණත් මිනිස්සු කවුරුවත් බඩගින්නේ තියන්නේ නැතිව වැඩිපුරත් එක්ක කෑම ලැබුණා. නියමිත දවස් ගණනත් සම්පූර්ණ කළා. පිරිසිදු කරන වැඩත් ගාණට යනවා. දැන් ඔහෙලට දරාගන්න බෑ මේක...
හැබැයි මෙයාලා බලේට ඇවිල්ලා දළදා වහන්සේ පෙන්නුවා නම් ඉස්සෙල්ලාම ප්‍රභුවරු ලෙස එන්නේ සජිත්, හාමිනේ, අම්මා දුලාංජලි, ඒ එක්කම කිරි ඇල්ල උන්නැහැ... දූ සිඟිත්තා, ඊට පස්සේ ඇමැති රෑන පවුල්පිටින්. ඔය එක්කෙනෙක්වත් පයින් එන්නේ නැහැ. මාලිගාව ළඟටම ඇවිල්ලා බහින්නේ, එදා රෑ සජියාගේ පවුල රජගෙදර, හෙලිකොප්ටරෙන් පවුල සමග සජිය එන්නේ...!
ඔහෙලා මුලු රටම කුණු කන්දක් කරලා තිබුනේ, ඒක ඇදගන්න සෑහෙන කලක් යයි..!
නගරයක කසල කලමනාකරණය භාර එම නගරයේ නගර සභාවට වින රටේ රජයට නොවේ.
මීතොටමුල්ලේ කුණු කන්ද පිදුරුතලාගල කන්ද වෙනකම් උඩට නගිනකම් බලාගෙන හිටියා? මොනවාද කෙරුවේ, කයිවාරු කාරයින්ට මොනවා කියන්න බැරිද?
ඉතින් නිකම් කියව කියවා ඉන්නේ නැතුව, ගිහින් නගරය සුද්ද කරන්ට උදව් වෙන්නකෝ...
ජෙප්පන්ට සංවිධානය කරන්න පුළුවන් උද්ඝෝෂණ විතරයි...
කිරිඇල්ල කියන්නේ හොඳ දේශපාලකයෙක් නොවෙයි... හැබැයි මේ දළදා ප්‍රදර්ශනය ගැන ඔහු කියලා තියෙන්නේ ඇත්ත. මෙහෙම දෙයක් කරනකොට නගර සභාව හෝ මාලිගාව විතරක් බර ඇදලා හරියන්නේ නෑ... අමාත්‍යාංශ, ඇමැතිලා සහ මන්ත්‍රීවරු පවා එකතුවෙන්න ඕනෑ. 1989 පෙබරවාරි මාසයේ දළදා වහන්සේ හොරකම් කරන්න කියලා මාලිගාවේ ඇතුලෙයි, එළියෙයි වෙඩි තියලා සෙල්ලම් පෙන්නුවා වගේ බාගෙට කරලා හරියන්නේ නෑ. ඒකත් හරියට කරගන්න බැරිවුණා. මේකත් හරියට කරගන්න බැරිවුණා. තමුන් විතරයි හැමදේම දන්නේ කියන මතයේ ඉඳන් වැඩ කරන කට්ටිය එක්ක වැඩ කරන්න වෙලා මාලිගාවයි නගර සභාව සහ පොලිසියයි, නුවර මිනිස්සුයි අමාරුවේ වැටුණා....
තමුනුත් මහනුවර දිස්තිරික්කයේ ජනතාවගේ පිහිටෙන් වසර 40 කටත් වැඩියෙන් දේසපාලනේ කෙරුවනේ? කියන්නේ නම් ජනතා නියෝජිතයෝ,ජනතාවට සේවය කරන්ඩයි එන්නේ කියලා, තමුන්ටත් බැරියැ සපෝට් එකක් දෙන්ඩ.
මුන් ලැජ්ජා නැතිව තාම කයිවාරු ගහ ගහ ඉන්න හැටි. කොහෙද තාම මූන්ගේ සපත්තු ලෙවකන්න කැමති ටික දෙනෙකුත් ඉන්නවනේ.
මෙච්චර කලක් මන්ත්‍රී වෙලා ඉඳල මහනුවර නගරයට ඔබතුමා කරපු එකම වැදගත් වැඩක් පුළුවන් නම් කියන්න
ඉහළින් තියෙන කොමෙන්ට්ස් වලින් පේනවා ඇත්ත තත්ත්වය
ලක්ෂ ගාණක් දවස් 10, 12 පාරේ ඉඳලා කුණුගොඩක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. කවුරු ආණ්ඩුවේ හිටියත් එහෙම වෙනවා .. ඒකට තමයි නගර සභාව තියෙන්නෙ.
කිරි ඇල්ලේ වෙන දෙයක් ඇත්තෙම නැද්ද රජයට පහර ගහන්න. මිනිස්සු ගොඩාක් දුක් විඳලා තමයි දළදා වහන්සේ වඳින්න ආවේ. ලක්ෂ ගාණක් මිනිස්සු එනකොට ඔහොම වෙනවා.... ඒ අහිංසක මිනිස්සුන්ට නින්දා කරන්න එපා . ඔබතුමා එක දවසක් ඉඳලා බලන්න ඒ විදියට කොච්චර අමාරුද කියලා. ඒ මිනිස්සු කුණුත් කරේ තියාගෙන ද දළදා වහන්සේ වඳින්න යන්න කියන්නේ ......වල පයයි, ගොඩ පයයි තියාගෙනත් දළදා වහන්සේ වඳින්න ආවේ නෑ නේද. තවත් කුණුම හොයනවා.