
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර තැන්කුඹුර ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන් වී ඇති බවට කාන්තාවක මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි එම්. ඉන්ද්‍රා කමනී නමැති කාන්තාවක විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ කේ. ජගතීස් නමැති තම 13 හැවිරිදි පුත්‍රයා සමග නිවෙසේ සිටි 13 හැවිරිදි මොහොමඩ් මිල්හාන් යන අය ඊයේ (08) සවස් කාලයේ සිට අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන් මොහොමඩ් මිල්හාන් නැමැති සිසුවා අතුරුදන් බවට ඔහුගේ පුංචි අම්මා විසින් පසුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඔහුගේ මව විදේශගතව සිටින බව පොලිසිය කියයි.
එක් සිසුවකු මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක 8 වසරේ ඉගෙනුම ලබන අතර අනෙක් සිසුවා නගරයේ ද්‍රවිඩ භාෂා පාසලක 8 වසරේ ඉගෙනුම ලබන බව පැමිණිල්ලේ සඳහන්ය.
ඔවුන් දෙදෙනා තැන්නේකුඹුර ප්‍රදේශයේ මහවැලි ගඟ දෙසට යන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකරමින් පවතින බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහනුවර දරුවන් දෙදෙනෙක් අතුරුදන්
Jagath Leanage Friday, 10 October 2025 07:53 AM
පුදුමාකාර දේවල් නේ ලංකාවේ සිද්ද වෙන්නේ. දෙමාපියන්, මේ සිද්දිය සම්බන්දයෙන් සම්පුර්නයෙන් වගකිව යුතුයි. ඒ ගොල්ලෝ සල්ලි පස්සෙම දුවනවා, දරුවන් අමතක කරලා.
Lal Friday, 10 October 2025 09:14 AM
ISIS වැඩක් ද දන්නේ නෑ
Bunny Preena Friday, 10 October 2025 02:46 PM
නිවැසියන්ට හොරෙන් ගඟේ නාන්න ගිහින් ගිලුනා වත්ද