
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
පසුගිය දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අධික වර්ෂා ජලයට හසුව හානියට පත් වූ පැරණි කළු පාලම ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ නවතා දමා ඇතැයි වැඩබිම් ආරංචි මාර්ග කියයි
මහා ජල කඳට හේතුවෙන් මහවැලි ගඟ හරහා ඉදි කළ වසර 150 ක් පමණ පැරණි යකඩ පාළමට (කළු පාළම) දැඩි හානි සිදුවිය.
ඇති වූ ගැටළු කාරි තත්වය නිසා අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටි නිලධාරින් ඉංජිනේරුවන් ඉදිකිරීම් කටයුතු නවතා දමා ඉවත්ව ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මෙම පැරණි පාළමේ ආධාරක කුළුණුවලට සවි කර ඇති ඉපැරණි ගල් ඉවත් කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීමේ ගැටළු සහගත තත්ත්වය නිසා මැයි ,ජූනි වන විට ඉදි කිරීම් අවසන්කිරීමට නියමිතව පාළමේ වැඩ අවසන් කිරීම තවත් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම පාළම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ ඉදිකිරීම් ආයතන ,රාජ්‍ය නිලධාරින් ඉංජිනේරුවන් සහ සේවකයන් දිවා රාත්‍රී නොබලා වැඩ කළ නමුත් ඇතිවී තිබෙන තත්ත්වය නිසා පාළමේ ඉදිකිරීම් ප්‍රමාද විය හැකි බව එහි සේවය කළ පිරිස් පැවසූහ.
මේ හෙතුවෙන් මාස කීපයක් තිස්සේ දුම්රිය ධාවනය රඹුක්කනට පමණක් සීමා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍ය වැදගතකමක් ඇති දේ රැකගතයුතුයි. ඒ සියලුදේ අවථානුකූලව කලයුතුය යන්න නොතේරෙන ඔලමොට්ටයො මේවැනි ඉතාම අතශ්ය කටයුතුතක දීත් කෙහෙල්මල් ජෞරානික් බලායන රටටම අත්‍යවශ්‍ය කටයත්තක් පාමාකිරීම නොම ක්‍රියාවක් යන්න ඕකුන් තේරැම්ගත යුතුයි
පුරාවිද්‍යාව රකින්න කලින් ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්න ඕන කියල නොදන්න පාලකයන් සිටිය හැකිද? අධිවේගී මාර්ගයේ පඬු කරඳ ගහ අල්ලාගෙන හිටිය පණ්ඩිත අම්මණ්ඩි වගේම අය පුරාවිද්‍යාව රකින්න ඇවිත්ද?
පාලමක ආධාරක ලෙස යොදා ඇති වසර 150 ක් පමණ පැරණි ගල් සංරක්ෂණය කිරීමේ ඇති පලය කුමක්ද? මෙවැනි යල් පැනගිය තීරණ නිසා මහජනයාට සිදුව ඇති ප්‍රවාහන අපහසුව සහ රටේ සංචාරක කර්මාන්තයට වැදී තිබෙන පහර පිළිබඳව මීට වඩා අවධානය යොමු යුතුයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් මේ ඉවත් කරන "ඉපැරණි ගල්" ගෙනගොස් කටු ගෙයක මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබිය හැක.
ලංකාවේ ඉන්න හණමිටි කාරයින්ගෙයි දරමිටි කාරයින්ගෙයි කඹ ඇදිල්ල නිසා බොහෝ සංවර්ධන වැඩවලට බාධා ඇති වෙයි. නම්‍යශීලීව එකිනෙකාගේ අදහස්වලට ගරු කරමින්, පිළිගනිමින් වැඩ කරන්න කැමති නැති උද්දච්ච මිනිසුන් කිහිප දෙනෙකු නිසා රටක වැඩ නතර කරන්න දෙන්න බැහැ. නිසි පිළියම් යෙදීම රාජ්‍යයේ වගකීමක්.
රඹුක්කනට දුම්රිය සිමා වෙලා තියෙන්නේ මේ පාලම නිසා නෙවෙයි. කඩුගන්නාවට පහලින් අධික ලෙස නාය ගිහින් තියෙන නිසා. මේ පාලම නිම කලත්, තව සෑහෙන කාලයක් යයි නුවරට දුම්රිය ධාවනයට. නමුත් පාලම නිම කල පසු, නුවර තදාසන්න ප්‍රදේශවල දුම්රිය ධාවනය යතාවත් කල හැකියි පාසල් ළමුන්ට සහ කාර්යාල සේවකයන්ට.
කාමරයකුයි, වැසිකිළියකුයි පාරේ හදලා පපරේ ගහපු අයට යකා පාලම ලොකු වැඩියි. ඔවුන් හරි පොඩි මිනිස්සු...
ඒ කණුව අබලන් වෙලා, පරණ පාලම දිගටම පැවතීමට නම් ඒක ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ රුපියල් සහ ශත විතරයි, මිනිස් ජීවිතයත් ඉතුරුයි.
දැන් රාජ්‍ය නිලධාරීන් නිතියට පිටින් වැඩ කරන්න බයයි. ඒ නිසා ඔවුන් නීතියටම වැඩ කරනවා. ඔවුන්ට බැනලා වැඩක් නෑ....