
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්ලැරන්ස් චිත්‍රපටය නැරැඹීමට ගොස් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබේ.
"ශ්‍රී ලාංකික පොප් සංගීතයේ පියා ලෙස නම් කර ඇති ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීත දිවිය පදනම් කර ගනිමින් තුසිත විජයසේන මහතා විසින් නිෂ්පාදනය කරන ලද සහ සුරේෂ් මාළියද්ද මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලද “ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය මම ද බිරිඳ ශිරන්ති ද ඉතා කැමැත්තෙන් නැරඹුවෙමු.
ක්ලැරන්ස් යනු මා සමකාලීනයෙකි. අපි තරුණ වියේදී වෙනස්ම අනන්‍යතාවයකින් යුතු ක්ලැරන්ගේ ගීත අතිශය ප්‍රිය කළෙමු. ගීතය එක වරක් ඇසූ පමණින් එහි සංගීත වාදනය ක්ලැරන්ස්ගේ බව කීමට හැකි අනන්‍යතාවයක් එහි අන්තර්ගත වී තිබුණි. සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශනය ඉතා සරළය.
විදුළි ගිටාරය මූලික කර ගනු ලැබූ සංගීත නිර්මාණයත්, බෙහෙවින් සරළ බස්වහරත් එකල තරුණ තරුණියන් විසින් ආදරයෙන් වැළඳ ගන්නා ලදී. පසු කාලීන පරම්පරාවන් ද එම ශෛලියට ඇළුම් කිරීම ක්ලැරන්ස්ගේ විශේෂත්වයයි. ක්ලැරන්ස් යනු සැමදා ජීවත්වන මිනිසුන් සිටිනා බවට තවත් එක් උදාහරණයක් යැයි මට සිතේ. අපේ පරම්පරාව නියෝජනය කරන ක්ලැරන්ස් බොහෝ පරම්පරා විසින් අයිති කර ගෙන සිටීම එයට හේතුවයි" යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමකාලීනයෙක් වුණාට ක්ලැරන්ස් හොරකං කරේ නෑ..... අඩුම ගානේ පව්ලේ කෙනෙක්වත් හොරු නෙමෙයි
ළගදීම මැක්ස්වෙල් මෙන්ඩිසුත් බලන්නත් වෙයි ගොයියෝ.. (මම බොහෝම බය වුණා..., මගේ පණ එපා වුණා…!)
කොහෙද යන්නේ කියල අහපුවාම මල්ලේ පොල් කතා තමයි මේ ජෙපීලා කියන්නේ. ඒ තරමට බ්‍රේන් වොෂ් වෙලා.
ඉදිරියේදී ආසියාවේ ආස්චර්‍ය නමින් චිත්‍රපටයක් එන්ඩත් බැරි නැහැ.
මේ ප්‍රවෘත්තියේ ක්ලැරන්ස් ගැන ලියලා තියෙන්නේ නම් රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. මෙච්චර මොලයක් කොහෙන්ද? නෑ මොල පරම්පරාවට...
ක්ලැරන්ස්ලා වගේ ජීවත් උනානම් අදටත් මිනිස්සු ගරු කරනවනේ කොහෙද, බයිලා චක්‍රවර්තිලා වෙන්න ගියානේ...
සාටකයෝ , පවුල් පාලනේ, ආසියාවේ අසිරිය ඔය කියන නම් වලිනුත් ච්ත්‍රපටි නිර්මාණය වෙනවා නම් ලොකු දෙයක්?
ක්ලැරන්ස් අප අතරින් වියෝවී ගියත් තවම ජනතාවගේ හදවත්වල ජීවත් වෙනවා. බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෙක් ගැන මොන කතාද ?
මගේ සීයත්, ආච්චි එක්කම බලන්න ගියා පහුගිය දිනක... ඒත් ඒ ආරංචිය නම් මොනම මාධ්‍යයක හෝ පලකර තිබ්බේ නැහැ... අනේ මන්දා මොකද කියලා?
ඩෝබිලා ගරු නොකරාට මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්න මහින්ද කියන චරිතයට පුලුවන් වුණා. ඒ කාලේ දැන් ජනාධිපති තුමාලා කාලේ රනිල් සමග එකතුවෙලා ඊට විරුද්ධ වීමයි...