(කේ. බුද්ධික කුමාරසිරි)
මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි
මෙම සාදය ඊයේ (15) දින රාත්‍රී කාලයේදී ආරම්භ කර ඇත.
මධ්‍යම රාත්‍රී කාලයේදිත් අධික ශබ්දයක් නගමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අදාළ හෝටලය තුළ සාදයක් පැවැත්වෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගොස් අදාළ පරිශ්‍රයට පමණක් ඇසෙන පරිදි සාදය පවත්වන ලෙස දැනුම් දී තිබූ නමුත් ඒ පිළිබඳව නොසලකා හැර අදාළ පිරිස අලුයම වන තෙක්ම ඝෝෂාකාරී ශබ්ද නගමින් එම සාදය පවත්වා තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ තිබී මත්වීමට යොදාගන්නා මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් වන බවද පොලිසිය පවසයි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට
ගොං සේතං Sunday, 16 March 2025 03:55 PM
අත්අඩංගුවට ගත යුත්තේ හෝටලේ පාරිභෝගිකයින්ද? නැතිනම් කලමනාකරුවන්ද? පිළිතුර, කළමනාකරණය මිතුරන් නම් පාරිභෝගිකයින් අත්අඩංගුවට ගැනීමේ වරදක් නැත. සිස්ටම් චේන්ජ් එක දැන්වත් එනවා නම් හොඳයි.