IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්

(ජේ.ඉඳුරුවගේ)

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

අමාත්‍ය මන්ඩල තීරණයකට අනුව ගෙන ඇති මෙම වැඩ පිළිවෙල අනුව එම ආයතන 166 මගින් සලසන මහජන සේවාවන්හි ගුණාත්මක භාවය සහ එම සේවාවන් ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු සහ සේවාවන්හි ගුණාත්මක බව ඉහල නැංවීමට වන යෝජනා මහජනතාවගෙන් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබේ.

මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතන එකසිය හැට හයේ නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැකි බවත් එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට තම අදහස් මෙම මස 31 දක්වා මෙම කමිටුවට ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

 



අදහස් (1)

මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්

සාලිය Saturday, 18 January 2025 09:27 AM

රජයේ සියලුම අයදුම්පත් තනි පිටුවට සීමා කරන්න. සරල වෙන්න... ටින් අංකය වෙනුවට ජා.හැ. අංකය දාන්න පුළුවන්කම තිබුණා. ආන්න ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site