(මහනුවර ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්තිවිදින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම, වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දෙමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .
මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළාත්පාලන මැතිවරණය කල් දැමීම ජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීමක් බවත් ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති ඔබ තුමන් ද මනාව දන්නා කාරණාවකි . එහෙයින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බව ද එහි සඳහන්ව ඇත .
සම්පූර්ණ ලිපිය මෙසේය .


COMMENTS
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාගෙ වැඩකටයුතු ගැන අපි හරියට කලකිරිමකින් ඉන්නේ... මිනිස්සු හරියට දුක් විඳිනවා.!
මේ කාලකන්නි දේශපාලකයන්ට කවුරු කියලත් වැඩක් නැහැ .මේ අයටනම් හොඳක් සිද්දවෙන්නේ නෑනේ .නන්දසේනයා වගේ ඉතුරු අයත් නන්නත්තාර වෙන දවස වැඩි ඈතක නැහැ
සංඝ ආඥාවක් නිකුත් කළොත් නරකද අපේ හාමුදුරුවනේ...?
ඊයේ කාදිනල් හිමිපාණන් ගේ මාධ්‍ය ප්‍රකාශය අහල අපේ නායක හිමිපානන් අවදි වෙලා වගේ. ලියුමක් යවනවට වඩා දෙයක් ඔබවහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි කියන්නේ නෑ අරගල කරන්න කියල. ශ්‍රී දළදා මාලිගය අබියස මහා සංඝරත්නය ගෙන්නලා සත්‍ය ක්‍රියාවක් කලොත් නරකද?
බොහොමත් ස්තුතියි අපේ හාමුදුරුවනේ මේ ලිපිය සකසා ලොක්කාට ( මිනිහා හිතාගෙන ඉන්නවා ලොක්ක කියලා ) ලැබෙන්න සැලැස්වීම පිළිබඳව. ඒ ලිපියෙන් ඔබ වහන්සේලා සෘජුවම ඉල්ලා සිටිනවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න කියලා ඒ එය රජයේ වගකීම නිසයි.එයට ගොඩාක් පින් හාමුදුරුවනේ.ඒවගේම මේ දුර්දාන්ත ,අශිලාචාර ,මිනීමරු ,චවුර ජනාධිපතිව සනසන්නදෝ එහෙම නැතිනම් " පානියක් ගාන්නදෝ " කොහෙද ඔබ වහන්සේ මහා අකුසලයකුත් කරගත්තා " මුසාවාදා " එකක් කියලා."...ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති ඔබ තුමන් .." මේ කෑල්ල සම්පුර්ණ මුසාවාදාවක් . මෙය .."... ජනතාවගේ වයිරයට පාත්‍රවෙලා ඉන්න මිනීමරු,කුහක බැංකු හොරෙක් " ලෙස මම නිවරදිකොට ඒ පින ඔබවහන්සේට අනුමෝදනා කරන්නම්. හැබැයි..ජාතියේ ගවුරවයට පාත්‍රවී සිටින ඔබවහන්සේලාගේ අනුසාෂනා ගනන්නොගෙන මේ චන්දය මේ මරුමොස් ඒකාධිපතියා නොපැවත්වුවහොත්.....දුෂ්ට දුර්දන්තමිනිමරු ඒකාධිපතියාට වබවහන්සේලාගේ විහාරයන්ට ඇතුල්වීම තහනම් කරන්න ඔබවහන්සේලාට දිරිය බලය ශක්තිය ලැබේවා. (පන්සලට අතුල්වුනොත් කන පැලෙන්න දෙකක් ගහලා බෙල්ලෙන් ඇදලා එලියට දමන්න බල්ලෙක් වගේ )
නොදන්නා කෙහෙල්මල් කතා නොකර, ජනතාව නොමග නොයවා, තමන්ට අය්ති කාරිය ඉටුකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
රට බංකොලොත් කරපු නායකයෝ සුර සැප විඳිනවා.
ඔව්. කඳුළු ගෑස් භාවිතයෙන්.
චන්දෙ තියන්න අවශ්‍ය කෝටි 10,000 අස්ගිරිය, මල්වත්ත පන්සල් වලින් දෙන්න බැරිද දන්නේ නෑ.
මහනායක හිමිවරුන් මෙසේ අදහස් දැක්වීම ගැන අපගේ ගෞරව ප්‍රණාමය....
ඉඳහිට හෝ මුනිවත නොරැක ඔබ වහවහන්සේලා මෙවැනි දෑ පුකාශ කිරීම තුල හුදී ජනයා අතර ඇති සංඝ අපුසාදය අවම කරයි.
අද රදගුරුතුමා එලියට බැස්සනේද? අපිත් නොබැහ කොහොමද?
රනිල්ටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් ලොකු පරස්තරයක්. රනිල්ට කොහොමටත් ප්‍රජාතන්ත්‍රවාදය ගැලපන්නම නැහැ. ඔහු ඔහුගේ පක්ෂය මෙහයවූ හැටි කොව්රුත් දන්නවා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔහුගේ පක්ෂය මෙහයවූ නැති නිසා තමයි, එම පක්ෂය අද දිය වෙලා ගියේ. අන්න ඒ ආකාරයට තමයි ඔහු අද මේ රටත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝදීව මෙහය වෙන්නෙත්. ඔහුගේ පක්ෂයට වෙච්ච ඉරණම තමයි අද රටටත් වෙන්නෙත්.
ප්‍රමාද වී හෝ මහ නායක හිමිවරුන් පාලකයින් කළ දැනුම් දීමට ඉතා ගෞරවයෙන් ස්තුති කරමු...