(අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපල මහතා මීගමුව බන්ධනාගාරය, මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේ සහ වාරියපොල බන්ධනාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

එම බන්ධනාගාර වල රැඳවියන්ගේ අඩුපාඩු පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරයා විශේෂයෙන්ම ඉඩ පහසුකම් පිළිබඳ ගැටලු සහ සනීපාරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳවද බන්ධනාගාර රෝහලේ පහසුකම් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද  නිරීක්ෂණය කළේය.

 සියලුම රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා මෙහිදි  උපදෙස් දුන්නේය.