
(අංජුල මහික වීරරත්න)
අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (6)පැවසීය.
දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු යැයිද මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාව අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් බිඳින්න දෙයක් ඉතුරුවෙලා නැහැ! වෙන අවුරුදුවල මාර්ගගත ක්‍රමයට වාහනයේ ලියාපදිංචිය අලුත් කළාම දවස් දෙකකින් කූරියර් සේවයෙන් ගෙදරට ලැබෙනවා. නිකම් නෙවෙයි, එහෙම කරන්න ගාස්තුවකුත් අය කරගෙන. 2024 දෙසැම්බර් 14 වෙනිදා අලුත් කරපු ලියාපදිංචියට සහතිකය ලැබුණේ 2025 ජනවාරි 6 වෙනිදා...!
ලොක්කන්ට දාලා තිබුණු නීතිපති විසින් ඉල්ලා අස්කරගත් නඩු, තාක්ෂණික දෝෂ මත ඉවත්කරගත් නඩු, සාක්ෂි මදි කියලා අථාර්කිකව අයින් කරගත්තු නඩු ඔක්කෝම නැවත විවෘත කරලා අඩුම ගණනේ 80%ක් සාර්ථකව දඬුවමකින් අවසන් වුණොත්, ජනතාවගේ විශ්වාසය තහවුරු වෙයි. නැත්නම්...
මෙච්චරත් පච විදලා අපේක්ෂා බිඳිලා නැහැ කියලද හිතන්නේ.