IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහාචාර්ය ගණනාත් දිවියට සමුදෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ගණනාත් ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. 

මියයන විට ඒ මහතා 95 වැනි විය පසුවිය.

ඔබේසේකර මහතා 1930 වසරේ පෙබරවාරි මස 2 වැනිදා උපත ලබා ඇති අතර ඔහු 1955 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇත. 

අනතුරුව 1958 වසරේදී පශ්චාත් උපාධියත්, 1964 වසරේදී මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ඇමෙරිකාවේ වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් හිමිකර තිබිණ.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙසද මහාචාර්යවරයකු ලෙස ගණනාථ ඔබේසේකර මහතා 1968 වසරේ සිට 1972 වසර දක්වා කටයුතු කර ඇති අතර 1972 වසරේ සිට 1980 දක්වා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇත. 

ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති ගණනාත් ඔබේසේකර මහතා 1980 වසරේ සිට 2000 වසර දක්වා එම විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළේය. අනතුරුව 2000 වසරේදී ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.

ගණනාත් ඔබේසේකරයන් ශ්‍රී ලංකාවේ බුදුදහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයන් කෙරෙහි ඉතා බලපෑම්සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙකි . 

ඔහු ග්‍රන්ථ 15 කට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇත.  දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත්තිනි ඇදහිල්ල කාගේත් අවධානය හිමිවූ ඒ මහතාගේ අධ්‍යන අතර විය.



අදහස් (1)

මහාචාර්ය ගණනාත් දිවියට සමුදෙයි

ගුණරත්න Tuesday, 25 March 2025 07:50 PM

දුර්ලභ විද්වතෙක්, නිවන් සුව අත්වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site