IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මාස හතට මැතිසබේ ලයිට් වතුරට කෝටි අටක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය පරිහරණය වෙනුවෙන් පසුගිය මාස හතක කාලයේදී( ජනවාරි සිට ජුලි මාසය දක්වා) රුපියල් අටකෝටි හැට එක් ලක්ෂ පනස් හතර දහසකට වැඩි මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා දී ඇති පිළිතුරු ලේඛනයක සඳහන්වේ.

මේ අනුව පාර්ලිමේන්තුවේ එම කාල සීමාවේ විදුලිය වෙනුවෙන් රුපියල් හය කෝටි හැත්තෑ නව ලක්ෂ තිස් දෙදහස් එකසිය තිස් එකක මුදලක්ද ජලය වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ විසි එක්දහස් අටසිය හැත්තෑ එකක මුදලක්ද වැය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 9368968ක මුදලක්ද පෙබරවාරි මාසයේදී රුපියල් 9199875ක මුදලක්ද මාර්තු මාසයේදී රුපියල් 11103909 ක මුදලක්ද අප්‍රේල් මාසයේදී රුපියල් 7924847ක මුදලක්ද මැයි මාසයේදී රුපියල් 8985830ක මුදලක්ද ජුනි මාසයේදී රුපියල් 10128752ක මුදලක්ද ජුලි මාසයේ දී රුපියල් 11219950ක මුදලක්ද වැය කර ඇති බව එම පිළිතුරු ලේඛනයේ දැක්වේ.

එසේම පාර්ලිමේන්තුවේ ජලය වෙනුවෙන් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් 2450671 ක මුදලක්ද පෙබරවාරි මාසයේදී රුපියල් 3460609ක මුදලක්ද මාර්තු මාසයේදී රුපියල් 2683969ක මුදලක්ද අප්‍රේල් මාසයේදී රුපියල් 2259683ක මුදලක්ද මැයි මාසයේදි රුපියල් 2438186 ක මුදලක්ද ජුනි මාසයේදී රුපියල් 2478082 ක මුදලක්ද ජුලි මාසයේදී රුපියල් 2450671ක මුදලක්ද වැය කර ඇත.

 



අදහස් (4)

මාස හතට මැතිසබේ ලයිට් වතුරට කෝටි අටක්

Perera Saturday, 30 August 2025 12:01 PM

පසුගිය අවුරුදු තුනේ ඔය වියදම් එකක් සසදනකොට ඕක වැඩිද අඩුද සාමානද?

:       1       4

pakeer Saturday, 30 August 2025 02:17 PM

පහුගිය අවුරුදුවලත් මිල දැම්මා නම් තමයි අදහසක් ගන්න පුළුවන්. මේවා අඩු කරන්න විදිහක් නැද්ද?

:       1       4

Nishan Sunday, 31 August 2025 07:22 AM

කැන්ටිමේ කෑම ඔතාගෙන ගියා වගේ වතුරත් බෝතල්වල පුරවන් ගිහින්ද දන්නේ නෑ. අයියෝ වැද්දෝ ටිකක් පාර්ලිමේන්තු යවලා කරගත්තු දෙයක්.

:       2       4

ධනුක Sunday, 31 August 2025 09:23 AM

මේවා නම් කිසි තේරුමක් නැති තොරතුරු. ලයිට්, වතුර නැතුව කළුවරේ ආයතනයක් පවත්වාගෙන යන්න බෑනේ.. බිල අඩු කිරීමට සූර්ය පැනල සවිකිරීම වැනි ක්‍රියාමාර්ග ගත හැකි නම් හොඳයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 437 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16865 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site