
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )
හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියාගේ සහ නංගිගේ සිරුරු හමු වූ බව හාලිඇල පොලීසිය කියයි.
නංගිගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී සොයාගෙන ඇති අතර අයියාගේ මළ සිරුර කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඔය පහරේ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය කියයි.
මෙසේ සිරුරු හමුවූයේ ජගුල්ල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචි දෂ්මි නදීකා (7) සහ යසිඳු උමේෂ් තත්සර (10) යන අයියාගේ සහ නංගිගේය.
ඊයෙ (23) පාසල් ගොස් නිවසට පැමිණ ඇති මෙම අයියා නගෝ දෙදෙනා සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බියවී කුලී වැඩ ට ගිය සිය මව සොයාගෙන නිවසට නුදුරින් එගොඩගොඩේ නිවසක ට යාම සදහා බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට යාමේදී මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.