
(අංජුල මහික වීරරත්න)
විදේශ රට වලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.
‘කිසිවෙක් අධ්‍යාපනයෙන් මගහැරීමට ඉඩ නොදීම’ යන සංකල්පය අනුව ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරිණි.
විදේශයන්හිදී ආපදා වලට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ‘අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වීම’ යන නිර්ණායකය පමණක් එහිදී සැලකිල්ලට ගැනෙන අතර අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය පිළිබඳ උපදෙස් සංග්‍රහය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
ජනාධිපති අරමුදල මේ වන විටත්, වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගිය අයගේ දරුවන් වෙනුවෙන්ද මෙවැනි ආකාරයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙන අතර ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර කරා එය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.
2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මව-පියා එතෙරදී මිය ගිය දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව
Imasha madhushani Monday, 08 September 2025 02:25 PM
ඒක නම් ගොඩාක් වටිනවා, අපේ පුංචි නැති වුනේ ඕමාන් වලදි, එයාව ගහලා මරලා තිබුනේ.., ඒත් කිව්වේ එයාම එයාගේ ජීවිතේට හානි කරලා කියලා, එයාගේ බොඩි එක ලංකාවට ගෙනාවම හොදට තේරුනා එයාට වද දීලා මරල තිබුනේ, ඒ ගෙදරම වැඩට ඉදපු පිලිපීන ගැහැනු කෙනෙයි ලංකාවෙන් ගිය ගෑනු කෙනෙකුයි , එයාට පොඩි දුවෙකුයි පුතෙකුයි ඉන්නවා, පුතා නම් ඕලෙව් වෙනකන් විතරයි ඒත් දු ව තාම ඉගෙන ගන්නවා...