
( සිතුම් චතුරංග)
වවුනියාව ඕමන්ත පරනාට්ටංගල් හි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී අද (02) උදෑසන යාපනය සිට කොළඹ බලා ධාවනයවු යාල්දේවි දුම්රියේ යතුරු පැදියක් ගැටී කාන්තාවක සහ කුඩා දරුවකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගය පසුකරයෑමට උත්සහ කිරීමේදී යතුරු පැදිය දුම්රියේ ගැටී ඇති බව පොලිසිය පැවසීය.
එලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ වවුනියාව , පරනාට්ටංගල් හි පදිංචි එස්.ජයගෞරි නැමති 24 හැවිරිදි කාන්තාවක සහ ඇගේ දියණිය බව පොලිසිය පැවසීය.
අනතුරින් කුඩා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් සහ මව සුළු තුවාල පමණක් ලබා වවුනියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd