
(ගයාන් සූරියආරච්චි)
දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි අවි දෙකක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට, මානික්කන්ද සහ කදන්ගම ප්‍රදේශවල පදිංචි අවුරුදු 17 සහ 19 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
අවුරුදු 18 ක තම දියණිය ඉකුත් (12) රාත්‍රී පැහැරගෙන ගිය බවට එම තරුණියගේ මව විසින් දැරණියගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව පැහරගත් බව කියන තරුණිය සහ සැකකරු අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවක් තිබූ බව පොලිසිය කියයි.
එම ප්‍රේම සම්බන්ධතාවට තරුණියගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් දිගින් දිගටම විරෝධය දක්වා ඇති අතර පසුව මව විසින් එම තරුණිය අත්තනගල්ල ප්‍රදේශයේ ඥාති නිවෙසක දින කීපයක් නවතා තබා නැවත ඉකුත් (12) දා දැරණියගල තම නිවෙසට කැදවාගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම තරුණිය මව සමග බස් රථයෙන් නැවත දැරණියගල නිවෙසට එන අතරවාරයේ සැකකාර තරුණයාට දුරකතන ඇමැතුමක් ලබාගෙන නැවත නිවෙසට එන බව පවසා ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට තරුණිය අත් අඩංගුවට නොගත්තේ ඇයි? ඇය නේද පැහැරගත් අයට ඔත්තුව දීලා තියෙන්නේ...?
අම්මා හරියට තමයි කියලා තියෙන්නේ... පෙම්වතා හොඳ කෙනෙක් නෙවෙයි.
කෙල්ලට මදන වීසේ... ගෙදර බලෙන් තියාගන්න බෑ. බඩක් එක්ක ගෙදර ආපුවාම දුක නොබලා පස්ස පැත්තට පයින් ගහලා පන්නලා දාන්න. වෙන ප්‍රතිකර්ම නෑ...
ඔය තුවක්කුව ඔය කෙල්ලගේ ඔලුවටත් තියනවා ඌ දවසක. ඒවා තේරෙනකොට කෙල්ලට ප්‍රමාද වැඩියි. දෙමව්පියන්ට විරුද්ධව ගියොත් වරදිනවාමයි. අත් දැකීමෙන් කියන්නේ. ඒ අයට දෙන දුක් සිය දහස් ගුණයකින් වැඩිවෙලා විඳින්න වෙනවා.තුවක්කු දෙකක් තියාගෙන ඉන්න එකෙක් එක්ක මොන ලව් ද?