
(බී.ජි. චතුරංග)
රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර දෙවන පියවරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මල් කඩයක් පවත්වා ගෙන යන තලාව කුරුඳු වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැමිණිලිකරු විසින් විකිණීමට සූදානම් කර තිබූ රුපියල් 77400ක් වටිනා මානෙල් මල් 1000ක්, නෙළුම් මල් 900ක් සහ ඕළු මල් 800ක් , සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට