
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය.
"ගිය අවුරුද්දේ මාර්තු අට මට සිහි වෙනවා.මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී වතුර ප්‍රහාරයකට ලක් වෙන්න වුණා.
මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාම ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් මගෙන් ඊට මගෙන් කට උත්තර ගත්තා.ඒ අරගල හරහා තමයි අපත් මෙතෙන්ට ආවේ.
76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන.නැතිනම් ලෝකය වෙනස් වීමත් සමඟ රටේ ඇතිවුණු සංවර්ධනය අප නොතකන්නේ නැහැ" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවුන් ඉතිහාසේ කරපු දේවල් එක්ක බැලුවාම මල්පෝච්චි පාගන එක මොකක්ද නේද අගමැතිතුමී...?
ඉතින් පෑගුවා නම් දාපු එක වැරැදියිද..?
මල් පෝච්චි පෑගුවා කියලා නෙමෙයි, පිපෙන්න තියෙන මල් කැකුළු පරකලා කියලා තමයි නඩුව තියෙන්නේ...!
අම්මෝ ඉතින්. නාලා එන්නේ. ලොක්කා තඹුත්තේගමනේ...