
(තරංග ගුණරත්න)
වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට ( 15 ) දින අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ.
වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25 ) ගුණානුස්මරණ පිංකම 17 ට යෙදී තිබූ අතර එයට සමගාමීව දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කොට තිබිණි .
එ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි වූහ .
එය ප්‍රදේශයේ තරුණයකු ඉරේෂාන් චතුරංග විසින් මිලට ගැනීමට කටයුතු කළහ.
විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව සංවිධානය කොට පැවතිණි.
2025 දෙසැම්බර් මස 04
563
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල් වට්ටිය 84000ට වෙන්දේසි වෙයි
Perera Tuesday, 19 September 2023 08:31 AM
මෙයා බෞද්ධ ධර්මයට අනුකූලද ?